බිමල් දුෂ්මන්ත පසුගිය කාලයේ වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ ලංකාවේ දැවැන්ත සිනමා නිර්මාණ කිහිපයකම කලා අධ්යක්ෂවරයා වශයෙනි. මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ,පත්තිනි, අලි කතාව, යශෝධරා සහ විජයබා කොල්ලය යන දැවැන්ත නිර්මාණවල කලා අධ්යක්ෂවරයා ඔහුය.බිමල් ජාත්‍යන්තර සිනමා නිර්මාණ කිහිපයකටම කලා අධ්‍යක්ෂවරයෙකු ලෙසින් සිය දායකත්වය ලබාදී තිබේ
බිමල් 2014 දී 'කර්ම භූමි' නමින් කෙටි චිත්‍රපටයක් නිර්මාණය කරන ලදී. එය ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙල කිහිපයක්ම නියෝජනය කරනු ලැබීය. ඒ 2014 කාන්ස් සිනමා සම්මාන උළෙලේ කෙටි චිත්‍රපට අංශයටත් කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල 2014 ට සහ යාපනය ජාත්‍යන්තර සිනමා උළෙල 2015 වශයෙනි.
මෙහි සම්පත් ජයවීර, ප්‍රියන්ත සිරිකුමාර සහ නිරන්ජනී ෂන්මුගරාජා රංගනයෙන් දායකවී තිබේ. 'කර්ම භූමි' තිරපිටපත සහ අධ්‍යක්ෂණය බිමල් දුෂ්මන්තගෙනි.කැමරා අධ්‍යක්ෂණය විශ්වජිත් කරුනාරත්න ගෙන් වන අතර සංගීත නිර්මාණය චින්තක ජයකොඩිගෙනි. කලා අධ්‍යක්ෂණය මධුරංග රොෂාන්ගෙනි සංස්කරණය උමේෂ් ප්රනාන්දුගෙනි. 'කර්ම භූමි' නිෂ්පාදනය කර ඇත්තේ භාග්‍යා මාතරහේවගේ සහ චාර්මිනී විමලසේනයි.
බිමල් දුෂ්මන්ත විසින් 2014 නිර්මාණය කරන ලද 'කර්ම භූමි' කෙටි චිත්‍රපටය මැයි මස 25 වන දින සවස 6 ට යූටියුබය වෙත මුදා හැරීම සිදු කරනු ලබයි. ඒ අවස්ථාවට ඔබටද සම්බන්ධ විය හැකිය. අද (25) හවස 6.00ට පහත සඳහන් දිගුවෙන් 'කර්ම භූමි' නරඹන්න එක්වන්න.https://youtu.be/SgebpdhYWNc