බොලිවුඩයේ ප්රකට සංගීත නිර්මාපකයෙකු වූ වජීඩ් ඛාන් අභාවප්රාප්ත වී ඇත. ඔහු මිය යන විට 42 වියැතිය.ඔහු ප්රකට තබ්ලා වාදක Ustad Sharafat Ali Khan ගේ පුත්රයාද වේ. Chori Chori, Hello Brother, Mujhse Shaadi Karogi, Partner, Wanted සහ Dabangg (1, 2 and 3),Veer, Tevar, Ek Tha Tiger, ආදී ජනප්රිය බොලිවුඩ් චිත්රපටවල සංගීත අධ්යක්ෂවරයා වන්නේද ඔහුය.
මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. ඔහුගේ අභාවය පිළිබඳ බොලිවුඩයේ සුපිරි තරු ට්වීටර් සටහන් තබා ඇත.ඒ අතර ප්රියංකා චොප්රා ද වේ.
සල්මන් ඛාන්ගේ බොලිවුඩ් නිර්මාණ තුළින් ඔහු සංගීත අධ්යක්ෂණයට පිවිස තිබේ.සංගීත අධ්යක්ෂණයට පිවිසීමට පෙර ඔහු ගායකයෙකු ලෙස සිය සංගීත දිවිය පටන් ගන්නේ 2008 වසරේදීය.
2011දී ඔහු ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේදී Dabangg හි සංගීත අධ්යක්ෂණය වෙනුවෙන් හොඳම සංගීත අධ්යක්ෂවරයාට සම්මානය හිමිකරගත් අතර ඔහු බොලිවුඩයේ් විවිධ සම්මාන උළෙලයන්හීදී සිය සංගීත නිර්මාණ වෙනුවෙන් සම්මානයට පාත්රවී තිබේ.
'ඔහු ගේ නික්මයාම වේලාසන වැඩියි' ඒ ඔහු පිළිබඳ තබා ඇති සටහනයි.