පසුගිය මාර්තු මාසයේ එළිදක්වන්න සැළසුම් කළ දැකලා පුරුදු කෙනෙක් සිනමා පටයේ තිරනාටකය කොරෝනා වසංගත තත්ත්වයත් සමග දින නියමයක් නැතුව කල් දැම්මා. ලෝකයේ හුගක් දේවල් එළිදැක්වීම් නතරවුනා. ඒත් රසිකයින් අතරට නිර්මාණ එළිදැක්වීම් නව මානයකින් ආරම්භ වුනා.
බොහෝ සිනමා රසිකයින් අතර වඩාත් කතාබහට ලක්වූ දැකලා පුරුදු කෙනෙක් මලිත් හෑගොඩගෙ අධ්‍යක්ෂණයක්, ප්‍රවීණ ලේඛක සිනමා විචාරක භූපති නලීන් ගෙ තිර රචනයක්. සිනමා නිර්මාණයක තිරපිටපත ඉතා වැදගත් කොටසක් ලෙසයි ගැනෙන්නේ.
දැකල පුරුදු කෙනෙක් චිත්‍රපටයේ තිර පිටපත, නිෂ්පාදන ක්‍රියාවලිය පිලිබඳ තොරතුරු, බෙදාහැරීමේ තොරතුරු, වර්ණ සේයාරූ, චිත්‍රපටය පිලිබඳ පළවූ විචාර සම්මුඛ සාකච්චා වගේම FACEBOOK අවකාශයේ චිත්‍රපටය පිලිබඳ තැබූ සටහන් ද මේ ග්රන්ථයට ඇතුළත්ව තිබෙනවා. මෙය අහස පොතක් ලෙසයි එළිදක්වා තිබෙන්නේ
පොතේ සාමාන්‍ය මිළ රුපියල් 1500 වන අතර හඳුන්වාදීමේ විශේෂ මිළක් යටතේ රුපියල් 1000 කට ලබාගැනීමට පුළුවන් .
බොරලැස්ගමුව අහස පොත්හලෙන් සහ සරසවි පොත්හල ඇතුළු අනිකුත් පොත්හල් වලින් ද ඔබට මෙම ග්‍රන්ථය මිළදීගත හැකියි.
පොත නිවෙසටම ගෙන්වා ගැනීමට ඔබට අවශ්‍ය නම් 0112 088 352 හෝ 0772 652 550 අංකයට අමතා අහස ප්‍රකාශකයින් වෙතින් මෙම පොත ගෙන්වා ගත හැකියි