'තණමල්විල කොල්ලෙක්" ගේ ගුවන් කාලය ස්වාධීන රූපවාහිනිය ආයතනයේ වැඩ සටහනක්වෙනුවෙන් මංංකොල්ලකා තිබීම බොහෝ පේ්රක්ෂකයන්ගේ නොසතුටට ලක් වී තිබේ.
පසුගිය ඉරිදා (07 දින)විකාශය වීමට නියමිත ව තිබූ 'තණමල්විල කොල්ලෙක්" ටෙලිනාට්‍ය මේ වනවිට ලේකයේ විවිධ රටවල ජීවත්වන ශ්‍රීලාංකිකයන්ගේ නොමද ආදරයට ලක්ව ඇති වැඩිම පේ්රක්ෂකයන් පිරිසක් නරඹන ටෙලි නාට්‍යක් බවට පත්ව තිබේ.
මෙය ස්වාධීන රූඵවාහිනියෙන් විකාශය කරණුයේ සති අන්තයේ වන බැවින් සති අන්තය වනතතුරු තණමල්විල කොල්ලා ටෙලිනාට්‍ය බලන්නට බොහෝ පිරිසක් බලා හිදීම පේ්රක්ෂකයන්ගේ ආකර්ශණයේ තරම සිතා ගැනීමට හැකිය.
පසුගිය 06වන සෙනසුරාදා විකාශය වූයේ 'තණමල්විල කොල්ලෙක්" ටෙලි නාට්‍යයේ40 වන කොටසයි. පසුගිය ඉරුදින විකාශය වීමට තිබුනේ 41වන කෙටසයි.
ස්වාධීණ රූපවාහිනියේ මුල් පුටුවේ සිටින්නේ ටෙලිනිර්මාණවේදීන්ගේ සංසදයේ ආරම්භක, ක්‍රියාකාරී, සභාපතීත්වය හෙබවූ සුදත් රෝ්හණය. සුදත් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු ව සිටින කාලයේ බොහෝ අසාධාරණයන්ට එරෙහිව කතාකළ ඊට එරෙහිව හඩ නැගූ පුද්ගලයෙකි.." තණමල්විල කොල්ලෙක්" අතිශය ජනප්‍රිය ටෙලිනාට්‍ය අඩහෝරාව එහි නිර්මාපකයන්ට නොදන්වා සහ පේ්රක්ෂකයන්ට කළින් දැණුම් දීමකින් තොරව වෙනත් වැඩ සටහනක් විකාශය කිරීම,නිර්මාණ අධ්යක්ෂවරයෙක් ලෙස හෝ නිෂ්පාදකවරයෙක් ලෙස සුදත් රෝහණට සිදුවූවානම් ඔහු ඊට විරුද්ධවනවා නොඅනුමානය. මන්ද රසිකයින්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් කර ඇති නිසාය.
නමුත් දැන් ඉතින් සුදත් රෝහණ ආයතන ප්රධානියාය. එය දේශපාලන පත්වීඹකි. ඔහු ගේ ආයතනය ස්වාධීන රූපවාහිනය වූවාට, එහි ස්වාධීනව කටයුතු කිරීමට හෝ සාමාන්‍ය පවතින නීතිමය රාමුව තුළ ක්‍රියා කිරීමටද ඇති ඉඩ කඩ අඩුය. ඒ නිසා රජයේ දේශපාලකයන්ගේ හෝ ආයතනයේ උවමනාවන් මත සුවහසක් ජනතාවගේ නොහොත් පේ්රක්ෂකයන්ගේ අයිිවාසිකම් උල්ලංඝනය වූවාට කම් නැත.මන්ද පේ්රක්ෂකයන් යනු දෙනදේ බලන්නන් ලෙස මේ ආයතන හඳුනාගෙන ඇති බැවිනි. පේ්රක්ෂකයන්ද දෙන දේ සහ වෙන දේ බලා සිටිනවා පමණි.
'තණමල්විල කොල්ලෙක්' ගුවන් කාලයේ වෙනත් වැඩ සටහනක් පෙන්වීම සම්බන්ධව විවිධ රටවල සිටින පේ්රක්ෂකයන් විවිධ ආකාරයට සිය විරෝධය පෙන්වා තිබිණි. ආයතනවල වගකිවයුත්තන් කිසි දිනක පේ්රක්ෂකයන්ගෙන් තමන් අතින් වන එකවැනි අකටයුතු වලට සමාව ඉල්ලීමක් හෝ කරන්නේ නැත.
ජනතාවගේ බදු මුදලින් පවත්වාගෙන යන ජනතාවට අයිති සංඛ්‍යාත අයිතිය කොල්ලකමින්,ජනතාවගේ රසවින්දනය තුට්ටුවකට මායිම් නොකර තම දේශපාලන අරමුණුවෙනුවෙන් ගුවන්කාලය පරිහරණය කිරීම වරදක් බව කිසිවෙකු නොදන්නවා සේ සිටීමෙහි ප්‍රථිපල තව තවත් ලැබෙනු ඇත.
Youtubයට ගොස් බලන්න 'තණමල්විල කොල්ලෙක් 41' ප්‍රදර්ශණය නොකිරීම හේතුවන් එම නාමය යටතේ නිර්මාණය කර ඇති වීඩියෝ ප්‍රමාණය කොතරම්ද කියා. ඒ සෑම වීඩියෝවක්ම පේ්රක්ෂකයන් තණමල්විල කොල්ලා යැයි රැවටී නරඹා ඇති ප්‍රමාණය කොතරම් ද කියා. අවසානයේ සිදුව තිබෙන්නේ ජනතාව නොදැනුවත්වම,නිළධාරීන් දේශපාලකයන් මෙන්ම අතරමැදියන් ජනතාවගේ රසඥතාව හිරිකිතයකින් තොරව මංකොල්ල කන අපූරුව