ගෙදර හිටියා ඇති නේද.... අපි දැන් ආපහු පරිස්සමින් නාට්‍ය,චිත්‍රපට බලන්න රගහලට යමුද?කන්න බොන්න උපන්දින සාද මංගල්ලයන්ට වගේම ජන්දෙ දාන්න එළියට බැහැලා ගියේ,යන්නේ පරිස්සමින් බව දන්නවා.
ඒ වගේම අපි දැන් නාට්‍ය ,චිත්‍රපට බලන්නත් පරිස්සමින් ගියානම් ආපහු කලාව තුළ නව පිබිදීමක් ඇති කරන්න පුළවන්.කලාකරුවෝ බලන් ඉන්නවා තමන්ගෙ නාට්‍යක්, චිත්‍රපටයක් බලන්න ජනතාව ආපහු පෝලිමේ එයි කියලා. ආර්ථිකය ශක්තිමත් මදි ඇති. ඒත් මේ කලාවට සාහිත්‍යට පණක් ලැබෙන කාලය. පොත් ලියපු අය අන්තර්ජාලයෙන් තමන්ගෙ පොත් ජනතාව වෙත මුද හැරියා . ලියන මිනිස්සු නිකන් හිටියෙ නැහැ මොන ආර්ථික ප්‍රශ්න තිබුනත් ,වසංගතයක් ආවත් නිර්මාණකරුවාට නිර්මාණ කටයුතුවලින් නිදහස් වෙන්න බැහැ. ඒ ලියන්නේ ජනතාවගේ රස වින්දනය උදෙසාමයි. ප්‍රඥාව වර්ධනය උදෙසා. ඒවගේම තමයි නාට්‍ය කරුවත් සිනමාකරුවත්. ඉතින් ජනතාව නැතිනම් මේ කිසිඳු කලාවක් පවතින්නෙ නැහැ.
නාට්‍ය බලන්න වේදිකාගාරයට ,සිනමාව නරඹන්න සිනමා පේ‍්‍රක්ෂකාගාරයට එන්න.පොත් කියවන්න.සංගීතය, චිත්‍ර රසවිඳින්න.