වේදිකා, සිනමා සහ රූපවාහිනී රංගනශිල්පී සැන්ඩෝ හැරිස් හදිසි හෘදායාභාධයකින් අභාවප්‍රාප්ත වී ඇත. ඔහු මිය යන විට 57 හැවිරිදි වියේ පසුවිය.
සැන්ඩෝ ,නිහාල් සිල්වාගේ සාජන්ට් නල්ල තම්බි ජනප්‍රිය වේදිකා නාට්‍ය නිහාල් සිල්වාගේ මරණයෙන් පසු චෙරියෝ සාජන්ට් නමින් පේ්රක්ෂකයන් වෙත ඉදිරිපත් කරනු ලැබීය.
1990 ජයශක්ති චිත්‍රපටයෙන් රංගනයට එක්වූ සැන්ඩෝ යුද ගිනි මැද ,කේසෙරා, ජූරිය මමයි, සිහයන්ගෙත් සිංහයා, එකදා වැහි, සඳමඩල, ඇගේ වෛරය, දෙමෝදර පාලම, හිත හොඳ සූරයෝ, මචං ,කොමන් මෑන් වැනි විවිධ තේමාවන් ඔස්සේ නිර්මාණය වූ සිනමා නිර්මාණ 35ක පමණ රංගනයෙන් මෙන්ම ස්ටන්ට් සම්බන්ධීකාරක වරයෙකු ලෙසද කටයුතු කරනු ලැබීය.
යුගවිලක්කුව ඇතුළු ටෙලි නාට්‍ය කිහිපයකද ඔහු රංගනයෙන් දායකවිය.
නළුවෙකු වශයෙන් කි‍්‍රයාදාම සහායකයෙකු වශයෙන් මෙන්ම ඔහු වේදිකා නාටට්ය අධ්‍යක්ෂවරයෙකු වශයෙන්ද පසු කාලීනව සිය කලා කටයුතු තුළ නිරත විය.
2015 දෙරණ සිනමා උලෙලේදී ඔහුට හොඳම විකට නළුවාට හිමි සම්මානය දිනාගන්නට සමත්විය.
සාජන්ට් නැන්දම්මා, ට්රැ්රෆික් සාජන්ට්, කෝච්චි මනාලයා වැනි ප්‍රහසන වේදිකා නාට්‍ය ඔහු විසින් නිර්මාණය කරන ලදී.
සැන්ඩෝ හැරිස් පුවත්පත් සාකච්ජාවකදී පවසා තිබුනේ ඔහුගේ බලාපොරොත්තුව, සිහනය වන්නේ මේ රටේ පොදු ජනතාවගේ රසවින්දනය උදෙසා ප්‍රහසන නාට්‍ය ඉදිරිපත් කිරීම බවයි. පවුලේ සියල්ලන්ටම නරඹා සිනාසෙන්නට හැකි වේදිකා නාට්‍ය ඔහු නිර්මාණය කරන බවත් පවසා තිබිනි.
සිනාසෙන්නට කව්ද අකමැති... වේදිිිිකාවේ, සිනමාවේ, රූපවාහිනියේ හෝ මොනයම් පරිසරයක වුව සිනහව අමතකව ගිය මිනිසුන් හට බඩ කට පිරෙන්න සිනහාවෙන්නට සැලැස්වීම දක්ෂතාවයකි. අපේ රටේ වේදිකාවේ, සිනමාවේ, ටෙලිවිෂනයේ, ගුවන් විදුලියේ ප්‍රහසන රංගන දායකත්වය දුන් මෙන්ම නිර්මාණ කළ බොහෝ දෙනා පොදු ජනතාවගේ හදවත් තුළ සදා අමරණීයය.
වර්තමානයේ විවිධ මාධ්‍ය තුළින් ජනතාවට සිනහාව දෙන්නට බොහෝ පිරිස් සිටිති.එහෙත් පුරෝගාමී ප්‍රහසන රංගවේදීන් මේ රටේ ජනතාවට අමතක නොවනු ඇත. සැන්ඩෝ හැරිස් ගැන අදට වඩා හෙට දිනක කතාකරනු ඇත.
මිරර්ආර්ට්ස් ඔහුගේ අභාවය පිළිබඳ ශෝකය මෙසේ ප්‍රකාශ කරන්නෙමු.!