ප්‍රවීණ නර්ථනාචාර්ය කුලසිරි බුදවත්ත නර්ථනවේදියා අභාවප්‍රාප්ත වී ඇත. ඔහු කලක සිට රෝගී තත්ත්වයෙන් පසුවූ අතර මිය යන විට 71වන වියේදී පසුවිය.
ලංකාවේ නර්ථනාචාර්යවරුන් අතර ඉතාම ඉහළ තැනක සිටි ඔහු විශාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් පුරුදු පුහුණු කර සිය නර්ථන දැණුම ලබාදී තිබේ.
බුදවත්ත රංගායථනය තුළින් නර්ථනය හැදෑරු ගෝලබාලයන් අද ලංකාව පුරාම විසිරී සිටී.
සම්ප්‍රදායික දේශීය නර්ථන කලාව ප්‍රගුණ කළ අතලොස්සෙන් කුලසිරි බුදවත්ත ඉහළින්ම සිටින ලංකාවේ බිහිවූ අති දක්ෂ නැට්ටුවෙකි.
නර්ථනයට අමතරව ජුලියට්ගේ භූමිකාව (1998) මහින්දාගමනය (2011) සහ ටිකිරි සුවඳ (2010) යන සිනමා නිර්මාණ සඳහා ඔහු නර්ථන උපදේශකත්වය ලබාදී තිබේ.
ඔහුවන් අය බොහොමයක් නැත. එකින් එකෙකි.
MirrorArts ඔහුගේ අභාවය පිළිබඳ ව වූ ශෝකය මෙසේ ප්‍රකාශ කරන්නෙමු.!!!