සිනමාවේ සතර වර්ගය ලෙස සැලකෙන චිත්‍රපට රංගනවේදින්, ඇතුළු කාර්මික ශිල්පීන් ද, නිෂ්පාදක අධ්යක්ෂවරුන් ද ප්‍රදර්ශකයන් හා ආනයනකරුවන් ද එකම වේදිකාවට කැදවා වර්තමාන කොවිඩ් අර්බුදය හමුවේ සිනමාවේ අනාගතය පිළිබඳ විමසීමක් සරසවිය පුවත්පතේ මෙහෙයවීමෙන් අද දින එනම් ජූලි මස දෙවැනි දින සවස 6.30ට පැවැත්වීමට කටයුතු පිළියෙල කොට ඇත.
දේශිය සිනමාවේ ජ්‍යෙෂ්ඨතම රංගවේදී රවීන්ද්‍ර රන්දෙණිය, සම්මානනීය සිනමාවේදී ප්‍රසන්න විතානගේ,චිත්‍රපට ප්රදර්ශකයනගේ සංගමයේ සභාපති අනුරාධ බී.රැකව, හා ස්කෝප් සිනමා කළමනාකාර අධ්යක්ෂ තුෂාන් මීමනගේ මේ අවස්ථාවේ කරුණු දැක්වීමට නියමිතය.(ZOOM) සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන මේ අවස්ථාවට ඔබට ද සහභාගි විය හැකිය. එමෙන්ම මෙම සංවාදය ඒ මොහොතේම සරසවිය ෆේස්බුක් පිටුව ඔස්සේ විකාශය වනවා ඇත.මෙහිදි වර්තමාන සිනමාවේ පවතින තත්ත්වය හා කොවිඩ් අර්බුදයෙන් පසු සිනමාව හැඩ ගැස්වෙන අන්දම ද සාකච්ඡා කෙරෙනු ඇත.