තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානය අත්පත් කර ගැනීමත් සමගම ඇෆ්ගනිස්ථානයේ චිත්‍රපට අධ්යක්ෂවරියක වන සහරා කරීම් විසින් ලෝකය වෙත විවෘත ලිපියක් යොමු කර තිබේ . සහරා කරීම් ලිපියෙන් විෂේෂයෙන් ඉල්ලා සිටින්නේ තලේබාන් සංවිධානයෙන් කාන්තාවන් හා කලාකරුවන් ආරක්ෂා කරන ලෙසය.
චිත්‍රපට නිෂ්පාදකයින්ට සහ පොදුවේ කාන්තාවන්ට ආරක්ෂා වන ලෙස ඇය එයින් ඉල්ලා තිබේ. කරීම්ගේ ලිපිය ජාත්‍යන්තර මාධ්‍ය සංවිධාන වෙත යවා ඇති අතර ඇය විවිධ ආකාරයෙන් ෆේස්බුක් හි සිය පණිවිඩය පළ කර තිබේ. කරීම්, ඇය විසින් නිකුත් කර ඇති එක් වීඩියෝවකමෙසේ පවසයි 'සුබ පැතුම් තලේබාන්වරුන් නගරයට පැමිණ ඇත. අපි පැනලා යනවා'.. එයින්ඇය දුවන අයුරු සහ හැකි තාක් කල් අනෙක් අයට පැන යන ලෙස බල කරන අයුරු දැක ගත හැකිය.
මගේ රටේ සිනමාකරුවෙකු ලෙස ගොඩ නැගීම සඳහා මම මහන්සි වී වැඩ කළ ද සියල්ල බිඳ වැටීමේ අවදානමක පවතී. තලේබාන් සංවිධානය සියලු කලාවන් තහනම් කරයි. ඔවුන්ගේ ලැයිස්තුවේ ඊළඟට පහරදීම කරන්නේ මට සහ අනෙකුත් චිත්‍රපට නිෂ්පාදකයින්ට විය හැකියි. කරිමි රජයට අයත් ඇෆ්ගන් චිත්‍රපට ප්‍රධානියා ද වේ.
කරීම් පවසන්නේ තලේබාන්ගේ න්‍යාය පත්‍රය මඟින් කාන්තාවන් සහ ලිබරල් කලාවන් මර්දනය කිරීම ඉලක්ක කර ඇති බවයි.
පසුගිය සති කිහිපය තුළ තලේබාන් සංවිධානය අපේ මිනිසුන් සමූල ඝාතනය කරල ඔවුන් බොහෝ දරුවන් පැහැරගෙන ගොස් පිරිමි ළමයින්ට මනාලියන් ලෙස ගැහැණු ළමයින් විකුණා කාන්තාවක් ඝාතනය කළා. ඔවුන් වධ හිංසා පමුණුවා අපේ ආදරණීය විකට නළුවෙකු මරාදැම්මා ඔවුන් අපේ ඉතිහාසගත කවියෙකු ඝාතනය කළ අතර රජයේ සංස්කෘතික අංශයේ ප්‍රදානියා සහ මාධය ප්‍රධානියා ඝාතනය කරනු ලැබුවා . ඇය ඇගේ ලිපියෙන් එලෙස තහවුරු කර තිබින.
ඇෆ්ගනිස්තානයේ කලාකරුවන් ස්ත්‍රීන් සහ දරුවන් මුහුන පා ඇති තත්ත්වය අතිශය ඛේදජනකය.