රසිකයින්ට පීචං ප්රබුද්ධ කියලා වෙනසක් නැහැ හැම සංගීත ප්‍රසංගයක්ම සෙනගින් පිරුනා . සුනිල් පීචංද ප්රබුද්ධ ද කියන්න විචාරකයෝ පෙලඹුනේ නැහැ. මිල්ටන් මල්ලවආරච්චි ප්‍රියා සූරියසේන
පුන්සිරි සොයිසා නිහාල් නෙල්සන් සීටී ප්‍රනාන්දු එම්එස් ප්‍රනාන්දු ප්‍රෙඞී සිල්වා ක්ලැරන්ස් ඇනස්ලි මාලේවන ඩෙස්මන් ප්‍රනාන්දු ලා අතර සුනිල් තමන්ගේම ආරේට ගීත ගායනා කළා.
ඒ ගීත ඇතුලෙ උපහාසය ප්‍රහසනය ලිංගිකත්වය සමාජ දේශපාලනික ආර්ථික ක්‍රමවේද විවේචනය ඇතුලත්ව තිබුනා . ඔහු ගායකයෙක් වගේම හොඳ රංගන ශිල්පියෙක්. ඔහු වෘත්තීය රංගන ශිල්පියෙක් නොවුනට ඔහුගේ සංගීත වීඩියෝවල ප්‍රධාන නලූවා වුනා .ඔහු නොබියව දේශපාලනය විවේචනය කළා දේශපාලන වේදිකාවල කතා කළා. ඔහු පසුකාලීනව සමාජ ආමන්ත්රණ ගායකයෙක් කලාකරුවෙකු බවට පත්වුනා සුනිල් ට විෂන් එකක් තියෙන බව පෙන්නුවා.හුගක් කලාකරුවන්ට විෂන් එකක් තියෙනවද ?
ගුණසිරි සිල්වා ලංකාවේ සිටින ප්‍රවීණ විචාරකයෙක් ලේඛයෙක්.ඔහු ඇත්ත පුවත්පතේ සහ සිනෙසිත් සගරාවේ ලේඛයෙක් ලෙෂ කටයුතු කරනු ලැබුවා. 1971 පාසල් ශිෂ්‍යයෙක්ව සිටි සමයේ තම අම්මාගේ කරාබු දෙක උගකස් කර සිත්තරෙකුගේ ආදර කතාවක් නවකතාව පළමු වරට එලි දක්වනවා. එළියක් නැති ගමනක් චාරයක් නැති මිනිසෙක් ගැහැනියක් සහ ඛේදවාචකයක් පූර්වෝකිතිය එහෙම නොවුන එහෙම දෙන්නෙක් සමීප ආග්තුකයා කෑම්ප් එක වත්ත ආදී වශයෙන් නවකතා සහ කෙටිකතා රචනා කර ඇති ගුණසිරි වඩා ප්‍රකට සිනමාව කේන්ද්‍රකොට ගෙන ලියන ලද පොත් සහ ඔහු විසින් කරනු ලැබූ සිනමා විචාර සම්බන්ධවයි.
වැල්ලවත්ත ප්‍රදේශයේ ඔහු පදිංචිව සිටි වෙරළබඩ නිවසේ වැසිකිළිය ශුද්ධ පවිත්‍ර කල එවක සක්කිලි යන අපහාසාත්මක නමින් හැඳින්වූ කසල ශෝධක වෘත්තික ප්රජාවකට අයත් යුවතියක් සමඟ වරක් ලිංගික ව එක ව තිබෙනවා. ඔහු එහි සඳහන් කරන්නේ ඇගේ ''අකමැත්තක් නොමැතිව" එය සිදුවූ බවයි. එහෙත් පසු කලෙක මෙම සිදුවීම විශ්ලේෂණය කරන සමාජ ක්‍රියාකාරීන් සහ විචාරකයින් තර්ක කරන්නේ එය පැහැදිලිවම ස්ත්‍රී දූෂණයක් බවයි.
නෙරුදා ඔහුගේ ආදරවන්තියන් ගැන බොහෝ කවි ලියා ඇතත් මේ ගැන කවියක් ලියා නැහැ.
මේ නෙරුදා නොලියූ කවියයි.
The poem Neruda never wrote
නෙරුදා නොලියූ කවිය....
ලවන මුසුව හමන සුළඟ
සමඟ රඟන තෝඩු යුගල
නඟන කිකිණි සවන පිනන
බමන හිසට ගෙනෙන මිහිර.
ශලනි කොරෝනා පළමු ලොක්ඩවුන් එකේදී කරපු කොරොන්ටයිම් කෙටි චිත්‍රපටයත් අගෝස්තු 27 වනදා යූටියුබයෙන් මුදාහැරිය මේක්අප් කෙටි චිත්‍රපටයත් ඔබට නරඹන්න පුලූවන්.මේකඅප් චිත්‍රපටයේ ශලනි තාරකා අනුරාධා එදිරිසිංහ සහ පූජන දන්දෙනිය රංගනයෙන් එක්වෙනවා කැමරාකරණය කුලරුවන් ගමගේ .මේක්අප් කෙටි චිත්‍රපටය මේ වනවිට නැරඹුම් වාර ලක්ෂ දෙක ඉක්මවා තිබෙනවා.
ශලනි ඉදිරියේදී නවකතා රචිකාවක ලෙසත් අධ්යක්ෂවරියක ලෙසත්
කටයුතු කරාවි
මේ සියලු කතාවල සම්පූර්ණ විස්තර මිරර්ආර්ට්ස් යූටියුබයෙන් නරඹන්න