ඉන්දියාවේ වඩාත්ම ආදරණීය ගායිකාවක් වන ලතා මංගේෂ්කාර් අභාවප්‍රාප්ත වී ඇත. මිය යනවිට ඇයගේ වයස වයස අවුරුදු 92කි.බොලිවුඩ් චිත්‍රපට දහසකට වැඩි ප්‍රමාණයක් සිය හඩින් රස ගැන්වූ ඇය 'බොලිවුඩයේ නයිටිංගේල්' නම්වූ නාමයෙන් ලොවක් හඳුනයි.
කොවිඩ් ආසාධනය වීමෙන් පසු ඇය ජනවාරි මාසයේදී මුම්බායි නගරයේ රෝහලකට ඇතුළත් කර තිබුණි
ඇයට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා පැවසුවේ බහු අවයව අක්‍රිය වීමෙන් ඇය මිය ගිය බවයි.
මංගේෂ්කාර් භාෂා 36 කින් ගීත 30,000කට අධික සංඛ්‍යාවක් ගායනා කරමින් අඩ සියවසකට වැඩි කාලයක් පුරා අසාමාන්‍ය වෘත්තීය ජීවිතයකට හිමිකම් කීවේය.
නමුත් ඇය ජාතික වස්තුවක් බවට පත් කළේ ඉන්දියාවේ හින්දි චිත්‍රපට කර්මාන්තය වන බොලිවුඩයේ ඇය කළ සේවයයි.
ලතා මංගේෂ්කාර් සිංහල භෘෂාවෙන්ද ගීත ගායනා කර තිබේ.ඇය ගේ මියයාම ඇයගේ රසික රසිකාවියන් ගේ හදවත් ශෝඛ කරන්නකි.
ඒ මිහිරි හඩ සදා අමරණීයය.!!!