කොරෝනා ඉවරම නැතිවුනත් අරගලයත් ඉවර නැතිවා වාගේම සාහිත්‍යකරුවන් තම නිර්මානකරණයේ යෙදීමද අත්නොහිටවා හුදී ජන පාඨකයන් වෙනුවෙන් තම නිර්මාණ කටයුතුවල යෙදෙති. ඒ නිසාම මෙවර ද 2022 ස්වර්ණ පුස්තක සම්මාන දීර්ඝ වටය සඳහා නවකතා 12 මෙසේ තෝරාගෙන ඇත.
1.නකුල මුනි - එරික් ඉලයප්ආරච්චි - ගොඩගේ ප්‍රකාශන.
2. කැන්ඩි මහල් - සුනේත්‍රා රාජකරුණානායක - සරසවි ප්‍රකාශකයෝ.
3. සන්ධ්‍යානන්දය - කීර්ති වැලිසරගේ - සරසවි ප්‍රකාශකයෝ.
4.හින්දොස්මාලේ - සේපාලී මායාදුන්නේ - මියුසස් පබ්ලිෂර්ස්.
5. චක්‍රවර්තී - චූලාභය ශාන්ත කුමාර හේරත් - ෆාස්ට් පබ්ලිෂර්ස්.
6. ප්‍රේමානිසංශ - චන්ද්‍රරත්න බණ්ඩාර - සරසවි ප්‍රකාශකයෝ.
7. නිල් කට්රොල් - මොහාන් රාජ් මඩවල - බිසෝ ප්‍රකාශන.
8. මගේ චිකාගෝ හදවත - ශමෙල් ජයකොඩි - සරසවි ප්‍රකාශකයෝ.
9. සී+ - සුරත් ද මැල් - සරසවි ප්‍රකාශකයෝ.
10. සංසක්කාරී - මනෝහරී ජයලත් - විදර්ශන ප්‍රකාශන.
11. දෙවැනි ගැහැණිය - මංජුල සේනාරත්න - මියුසස් පබ්ලිෂර්ස්.
12. කලල් දිය - දීප්ති මංගලා රාජපක්ෂ - ගොඩගේ ප්‍රකාශන
රටේ පවතින අර්බූදකාරී වාතාවරණය මත වුවද මෙවැනි සාහිත්‍ය සම්මාන උළෙලයන් පැවැත්වීම සිත් සතන් උත්තේජනය කරන්නකි. සියලුම නිර්මාණකරුවන්ට සුබ පතන්නෙමු.