ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලය මගින් වාර්ෂිකව පවත්වනු ලබන විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙල සෑම වර්ෂයකම සාහිත්‍ය මාසය වන සැප්තැම්බරයේ පවත්වනු ලබයි. 2022 සඳහා වූ සම්මාන උළෙල 13වන වරටත් සැප්තැම්බර් 1වෙනි දින ශ්‍රී සුමංගල සභාසදයේදී පවත්වනු ලැබීය. ඒ කොළඹ විශ්වවිද්‍යාලයේ ජේ්‍යෂ්ට මහාචාර්ය ආනන්ද තිස්ස කුමාර මහතාගේ ප්‍රධානත්වයෙනි.
සම්මාන සඳහා තෝරාගනු ලබන කෘති අධීකක්ෂණය කොට සම්මාන සඳහා තෝරාගනු ලබන්නේ මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යෘ පීඨයෙ පීඨ ප්‍රකාශන කමිටුව සහ සිංහල සහ ජනසන්නිවේදන අධ්‍යන අංශය මගිනි.
මෙවර සාහිත්‍ය සම්මාන සඳහා තේරීපත්වූ සම්මාන ලාභීන්ට මූල්‍ය ත්‍යාග සමග සම්මාන පිරිනමන ලදී.
සම්මාන ලාභී සාහිත්‍යවේදීන් සහ වේදිනියන්
විශිෂ්ටතම පද්‍ය සංග්‍රහය - ගිනි වැදුණු පියාපත් සඳරැසී සුදුසිංහ
විශිෂ්ටතම කෙටිකතා සංග්‍රහය - "ජාත්‍යන්තර පාපොච්චාරණය"- එරික් ඉලියප්පාරච්චි
විශිෂ්ටතම ගේය පද සංග්‍රහය - "පමා වී පිපුණු මල් සුවඳයි" -වසන්ත කුමාර කොබවක
විශිෂ්ටතම තීරු ලිපි සංග්‍රහය - "වන්නිගෙ කොලම"- නයනසේන වන්නිනායක
විශිෂ්ටතම ශාස්ත්‍රීය කෘතිය - "සිංහල ජන ගායනා ශෛලී"- සමන් පනාපිටිය
විශිෂ්ටතම නවකතාව - "ප්‍රේමානිශංස"- චන්ද්‍රරත්න බණ්ඩාර
සම්මාන ලද සියලු සාහිත්‍යවේදීන්ට මිරර්ආර්ට්ස් හි සුබපැතුම්!!