ෂාරුක් ඛාන් සහ දීපිකා පදුකෝන් රංගනයෙන් දායකවන පතාන් Pathan චිත්‍රපටය එලැඹෙන 2023 ජනවාරි මාසයේ 25 දින ලෝකය පුරා ප්‍රදර්ශණය වීමට නියමිතය.මේ වෙනුවෙන් එම චිත්‍රපටයේ පළමු ගීතය Besharam Rang පසුගිය 12දින අන්තර්ජාලයට මුදාහරිනු ලැබීය. එම ගීතය මේ වනවිට ඉන්දියාවේ ප්‍රධාන මාධ්‍ය තුළ Breaking News බවට පත්වී තිබේ.
2023 වසරේ වඩාත්ම බලාපොරොත්තු සහගත චිත්‍රපටවලින් එකක් වන පතාන්හි pathan හි පළමු ගීතය නැරඹීමෙන් පසු සිදුව ඇත්තේ කුමක්ද?
ශාරුක් ඛාන්ගේ සහ දීපිකා පදුකෝන්ගේ ලාංකික රසික රසිකාවියන් ශාරුක් ගේ සික්ස් පැක් සිරුර මෙන්ම දීපිකාගේ අනුරාගී ජායාරූප සිය සමාජ මාධ්‍ය පිටු තුළ බොදාගනිමින් ඔවුන්ගේ රසිකත්වය ප්‍රදර්ශණය කර තිබුනේ චිත්‍රපටය දැක ගැනීමේ නොවිසිල්ලද සමගිනි.
ලොව බොලිවුඩ් රසිකයින් ෂාරුක් ඛාන් සහ දීපිකා පදුකෝන්ගේ විස්මිත කෙමිස්ට්‍රි එක අගය කළ අතර මේ වනවිට මිලියන පනස් තුනක් ඉක්මවූ YouTube නරඹන්නන් Besharam Rang ගීතයනරඹා ඇත.
මේ අතර මෙමBesharam Rang ගීතය අන්තර්ජාලයටඑක්වීමත් සමග ඉන්දියවේ මධ්‍ය ප්‍රදේශ් අමාත්‍ය ආචාර්ය නරෝත්තම් මිශ්රා චිත්‍රපටයේ නිකුත් වූ ගීතය සම්බන්ධයෙන් සිය බලවත් විරෝධය දක්වා ඇත.
මධ්‍ය ප්‍රදේශ් ස්වදේශ කටයුතු අමාත්‍ය මිස්රා පවසා ඇත්තේ පදුකෝන්ගේ ඇඳුම් පිළිකුල් සහගත බවත්, ඒවා නිවැරදි කළ යුතු බවත්, එසේත් නැතිනම් චිත්‍රපට ප්‍රදර්ශනය නතර කරන්නේද යන්න සලකා බැලීමට බල කරන බවත්ය. මෙම ගීතයේ රංගන ශිල්පිනී දීපිකා පදුකෝන් ඇඳ සිටින නාන ඇඳුම් දැඩි විරෝධයට ලක්ව ඇත. ගීතය වැරදි චේතනාවෙන් රූගත කර ඇති බව චෝදනා කරුවන්ගේ අදහසයි. ඇඳුම් පැළඳුම් සහ දර්ශන නිවැරදි කළ යුතුය. එසේ නොමැතිනම් චිත්‍රපටය මධ්‍ය ප්‍රදේශ් හි ප්‍රදර්ශනය කිරීමට ඉඩ දිය යුතුද නැද්ද යන්න ගැටළුවක් වනු ඇත.
ස්වාමි චක්‍රපානි මහාරාජ් ද එම ගීතයට විරුද්ධ විය. ශාරුක් ඛාන්ගේ පතාන්Pathan චිත්‍රපටයේ හින්දු සංස්කෘතයට අපහාසයක් සිදුවී ඇති බව අනෙක් චෝදනාවයි. චිත්‍රපට වාරණ මණ්ඩලය නිදිද? අපි තහනමක් පනවන්නෙමු .හින්දු මහා සභාව ඊට විරුද්ධ වනු ඇත සමස්ත ඉන්දීය හින්දු මහාසභාවේ ජාතික සභාපති ස්වාමි චක්‍රපානි මහාරාජ් , හින්දි භාෂාවෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සිය විරෝධය එසේ ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම බීජේපියේ නායකයින් ද මෙම චිත්‍රපටය වර්ජනය කළයුතු බව ප්‍රකාශ කර තිබේ මෙහි Posterයක ශාරුක් ෂොට් ගන් එකක් අතැතිව සිටීමද ප්‍රශ්න කර තිබේ.
කෙසේ වුවද ශාරුක් පතාන් චිත්‍රපටයට දේශපාලන පක්ෂ සහ නායකයින් විසින් කරනු ලබන හෙළා දැකීම් සහ ප්රශ්නකාරී ප්‍රකාශයන් හමුවෙ පතාන් වෙනුවෙන් සිය ස්ථාවරත්වය ප්‍රකාශ කොට තිබේ.ඒ කල්කටාවේ පැවැති අන්තර්ජාතික සිනමා උළෙලේ ප්‍රදාන ආරාධිතයා ලෙස ඊට එක්වෙමිනි.
"අපි ධනාත්මකයි සහ ජීවමානයි. සිනමාව මානව වර්ගයාගේ දයාව එකමුතුකම සහ සහෝදරත්වය සඳහා වූ අතිමහත් හැකියාව පෙරට ගෙන එනවා.මනුෂ්‍ය වර්ගයාගේ විශාල ස්වභාවය ගැන කතා කරන ප්‍රති-ආඛ්‍යානයක් පවත්වා ගැනීමට හොඳම ස්ථානය සිනමාවයි."
එමෙන්ම අමිතාබ් බච්චන් ද තම සිනමාවේ මිත්‍රයා වෙනුවෙන් පෙනී සිටිබව වාර්තාවේ.
ඉන්ිදියාවේ දේශපාලන නායකයින්ට සෙක්ස් ඇරියස් ඇතුවාට කිසිම සැකයක් නැත. දීපිකාගේ බිකිණි ඇඳුම් තුළින් ඇගේ සිරුරේ ලාලිත්‍ය පෙන්වීම තුළ ඔවුන්ට හටගෙන ඇත්තේ ඊරිසියාකාර හැගීමක් වනවාට කිසිම සැකයක් නැත. මන්ද ශාරුක් ගේ සිරුරේ සික්ස්පැක් තමන්ට හීනයක් පමණක් වන බැවින් බෝලගෙඩි වන් අමාත්‍යවරුන්ට 57 හැවිරිදි ශාරුක්ගේ ආකර්ශණීය සිරුර පිළිබඳවද නිසැකයෙන්ම හටගෙන ඇත්තේ ඊරිසියාවක් විය යුතුය.
එමෙන්ම මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශ සමග චිත්‍රපටය ට වෙනස්ම ආකාරයේ මාධ්‍ය ප්රචාරනයක්ද ලැබී තිබේ.ඉන්දියටෙව් සියලුම මාධ්‍ය තුළ Breaking Newsබවට පත්වීමම විශාල ප්‍රචාරණයකි.දැන් ඉතින් පතාන් Pathanනිදහස් වෙනතුරුම මෙම වාද සංවාද ඉදිරියට ගෙන යා හැක.ශාරුක් ඉන්දියවේ කින් ඛාන් වූවාට ඔහු ගේ චිත්‍රපට පිළිබඳවද මෙලෙස ගැටලු පැන නැගීම පුදුම විය යුතු නැත.
වලි පිට වලි වලින් පසු යාශ්රාප් නිෂ්පාදනය කළ, සිද්ධාර්ත් ආනන්ද් අධ්‍යක්ෂණය කළ, දීපිිකා සහ ශාරුක් ප්‍රධාන චරිත රංගනයෙන් දායකකවන නවතම සිනමා නිර්මාණය පතාන් Pathan ලෝකය පුරා සුවහසකක් ප්‍රේක්ෂකයන් නරඹනු නිසැකය.