ජනප්රිය රංගන ශිල්පිනී ඉරේෂා රණසිංහ මෑතකදී 'රසඳුන' අතිරේකය සමග කියා තිබුණේ සිය තෙවැනි දරුවා ගැන බලාපොරොත්තුවෙන් පසු වන බවය.
ඒ වෙනුවෙන් ඇය සහ සැමියා ඉතා සතුටින් සිටින බව ඉරේෂා එහිදී පවසා තිබුණාය.
"මමවත් හස්බන්ඩ්වත් බලාපොරොත්තු නොවුණු දේකට දැන් මුහුණ දෙමින් ඉන්නවා. ඒ තමයි තෙවැනි දරු ප්රසූතියට ලෑස්ති වීම. හරිම සතුටුයි ආයෙමත් දරු සුරතල් බලන්න ලැබෙන එකට. දැන් මාස හයක් වෙනවා. එයා අපේ ජීවිතේට එනකල් නොඉවසිල්ලෙන් ඉන්නේ." යනුවෙන් ඇය පවසා තිබිණි.