The Railway Men එළැඹෙන නොවැම්බරයේදී නෙට්ෆ්ලික්ස් ප්‍රදර්ශනයට යොදා ගැනෙන අතර 1984දී ඉන්දියාවේ බෝපාල් ගෑස් ඛේදවාචකයට මුහුණ දුන් අයගේ කතාව මෙම චිත්‍රපටයෙන් පෙන්වා දෙයි.
ලොව දරුණුතම කාර්මික ව්‍යසනය වන බෝපාල් ගෑස් ඛේදවාචකය එහෙයින්ම ත්‍රාසජනක චිත්‍රපටයක් වශයෙන් මේ වන විට නිර්මාණය වී තිබේ.
මෙහි මිනිත්තු එකහමාරකට අඩු කාලය පුරා දිවෙන පූර්ව ප්රචාරක පටයෙන් කර්මාන්ත ශාලාවක සිදු වන විශාල ඛේදවාචකයක් පෙන්නුම් කරන අතර එම තත්ත්වය පාලනය කිරීමට ප්රයත්න දරන පිරිසක් එහිදී හඳුන්වා දෙයි. ආර්. මාධ්වන්, බාබිල් ඛාන් සහ කේ.කේ. මෙනන් සහ දිව්යේන්දු යන අයගේ දර්ශන මෙහි තිබෙන අතර බාබිල් ඛාන් යනු ඉර්ෆාන් ඛාන්ගේ පුත්‍රයා වේ.
මෙම සිදුවීමෙන් ජීවිත දහස් ගණනක් බේරා ගැනුණු අතර චිත්‍රපටය තුළින් ඒ ගැන නැරඹිය හැකිය.
මෙය නොවැම්බර් 18 වැනිදා නෙට්ෆ්ලික්ස් ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතය.