නීතීඥවරයෙකු , කථිකාචාර්යවරයකු , සාහිත්‍යධරයෙකු හා කලාකරුවෙකු වූ විසාකේශ චන්ද්‍රසේකරම් ගේ තෙවන සිනමා නිර්මාණය " මනල්" දමිළ සිනමා පටය සිංහල, දමිළ , ඉංග්‍රීසි උපසිරැසි සහිතව නොවැම්බර් 03 වන දින සිට තිරගතවීම ආරම්භ වීමට නියමිතව ඇත . ඔහු මෙයට ප්‍රථම " සයපෙති කුසුම "( 2016) සහ " පාංශු"( 2020) තිරයට රැගෙන විත් ඇත. ඔහු නිර්මාණය කළ චිත්‍රපට ත්‍රිත්වයම දේශීය හා ජාත්‍යන්තර සම්මාන රැසක් හිමිකර ගැනීමට සමත්ව විය .
Tigers Don't Confess සහ The King and the Assassin ඔහු විසින් ඉංග්‍රීසි බසින් ලියා පළකළ නවකතා ද්විත්වකි. වේදීකා නාට්‍ය රැසක් රචනා කර ඇති අතර Forbidden Area නාට්‍ය සඳහා ග්‍රේෂන් සම්මානය හිමි වී ඇත.
මේ වන විට කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ කතිකාචාර්යවරයෙකු ලෙස සේවය කරන ඔහු, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් නීතීඥවරයෙකු සහ ඕස්ට්‍රේලියාවේ (NSW) රජයේ උපදේශකයකු ලෙසද සේවය කර ඇති අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතී යටතේ පාපොච්චාරණ සාක්ෂි භාවිතා කිරීම පිළිබඳව පර්යේෂණ සඳහා ඕස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලැබූවෙක්ද වෙයි.
"මනල්" සඳහා පාදකව ඇත්තේ
" යුද්ධය අවසානයේ රජයේ හමුදා ග්‍රහණයට පත්වන තරුණයෙකු ඉන් වසර පහකට පසු රැඳවුම් භාරයෙන් නිදහස්ව ඔහුගේ අතුරුදහන් වූ පෙම්වතිය සොයා ගැනීමට වෙහෙසෙන ආකාරයත් , ඒ සඳහා මිත්‍ය විස්වාසයන් පසුපස පවා යන ආකාරයත් හා එහිදී ඔහුට මුහුණ දීමට සිදුවන අනපේක්ෂිත සිදුවීම මාලාවත් ය ."
"මනල් " රංගනයෙන්
සිවකුමාර් ලිංගේෂ්වරන් , කමලා ශ්‍රී මෝහන් කුමාර් , තුර්ක්ක මගේන්ද්‍රන්, ගෞතම් ෂර්මා , ආර්.රාජා මහේන්ද්රසිංහම් , ප්‍රැන්සිස් පත්මා මාලිනි, සෙල්වරාජ් ලීලා ,ස්විට්ලානා ලිසොව්ස්කා , රම්සුන්තාර් කන්තරූබන් , අමලතාස් එල් රෝයි ,අනන්තකුමාර් වකීශන් , එස්.ආර්. තූෂීකරන් ඇතුළු පිරිසක් එක්වී ඇත.
තිර රචනය අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය - විසාකේශ චන්ද්‍රසේකරම්
සංස්කරණය - සිතුම් සමරජීව
කැමරා අධ්‍යක්ෂණය - රිෂී සෙල්වම්
සහය අධ්‍යක්ෂණය - ජෙනෝෂන් ජෙයරත්නම්
වර්ණ සංකලනය -ආනන්ද බණ්ඩාර
ශබ්ද සැලසුම් කරණය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි
වේෂ නිරූපණය -ජූලියස් ඇන්ඩෲ
කලා අධ්‍යක්ෂණය -චන්න අසංක
සංගීතය - පත්මයන් සිවනන්තන්
ඇඳුම් නිර්මාණය -සෙල්වරාජ් ලීලාවතී
නිෂ්පාදන කළමණාකරු -භාරත් පංචදස්රම්
# මෙහි ධාවන කාලය විනාඩි 102 කි
අවසන් වූ දෙරණ සිනමා සම්මාන උළෙලේ හිද සම්මානයට පාත්රවූ " මනල් " 2023 රොටර්ඩෑම් ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේ, ටයිගර් ජූරි සම්මානය දිනාගත් අතර , 2023 Imagindio Film Festival of Barcelona ( හොඳම චිත්‍රපටය ) 2023 Bengaluru International Film Festival ( දෙවන හොඳම චිත්‍රපටය )2023 Sydey Film Festival ( නිල තේරීම ) 2023 Durban International Film Festival ( නිල තේරිම ), 2023 Melbourne International Film Festival ( නිල තේරීම ) බවට පත්ව ඇත .
සටහන :ඇන්ටන් ජේ. ප්‍රනාන්දු .