" නුවන් කැලුම් වතුරේ
පීනා නොයන් ළඳේ
හසඟනසේ - පියුම් විලේ
මා හදවත් පොකුණේ
සැඟවී නොපෙනි ඉඳින් ළඳේ "
(පද : ලූෂන් බුලත්සිංහල / සං : ඔස්ටින් මුණසිංහ)
මෙම ගීතය 70' දශකය තුලදී මහත් ජනප්‍රියත්වයට පත්විය.
1959 වසරේදී ගුවන් විදුලියට සම්බන්ධව ඇති ඔහු, ඒ ශ්‍රේණියේ සරල ගී ගායකයෙකු වන අතර කලක් ගුවන්විදුලියේ සේවය කර ඇති බවද පවසයි. පසුව දිගු කාලයක් සෙරමික් ආයතනයේ සේවය කර ඇත.
මිය යන විට 84 වන වියේ පසු වූ ඔහුට යාමට ඒමට නිශ්චිත තැනක් නොමැතිව පිළියන්දල නගරය තුළ ඇවිදිමින් සිට රාත්‍රී කාලය පොදු වෙළඳපොළ තුළ ගත කළේය. ගුවන්විදුලි ගී, ගීත තැටි සහ කැසට්පට සඳහා ඔහු විසින් ගීත 80 - 90 පමණ ගායනා කර ඇත.
1939 වසරේ මාර්තු මස 28 වන දින හැටන් ප්‍රදේශයේදී උපත ලද ජයකොඩි ආරච්චිගේ ධර්මරත්න, තුරුණු වියේ සිටම සංගීත ක්ෂේත්රයට යොමුව ඇත. ඔහුගේ මවගේ ගම වන නීලම්මහරට පසු කාලයේදී පැමිණ ඇත. විවාහ දිවියක් ගත කර ඇති ඔහුගේ බිරිඳ කලකට ඉහතදී මියගොස් ඇත. ඔවුනට දරුවන් නොමැත.
නිවසක් හෝ භාරකරුවෙකු නොමැතිව පිලියන්දල පොදු වෙළඳ පොල නවාතැන කරගෙන සිටි ඔහු, එහීදීම අද දින (09) මිය ගොස් ඇත.
ඔහු ගැයූ ගැයූ වෙනත් ගී අතර
"අත් යුග පටලා විහඟ වෙසින්
මා නොම හඳුනන ඔහු සමගින්
කවුදෝ..කවුදෝ ඒ
රඟහල වෙත යන්නේ"
(පද : චන්ද්‍රසේන රංගේ)
"හැඬුවේ ඇයි ඔබ මා දැකලා
ඒ මිහිරි අතීතය නෑ එන්නේ
කළ කී දේවල් සිහිකරලා
මා හදවත ඇයි ඔබ පාරන්නේ "
(පද : සරත් සන්දනායක)
"කෝමල ටිකිරි නඟේ
නාමල් කැකුළ මගේ
මා දිහා රවා...
තරහින් වාගේ මොකො ඉවත බලන්නේ "
(පද : තු.ව. කුසුම්පාල)
යුග ගායනය : මැණිකේ අත්තනායක
"දුක් වේදනා සිඳේවා
මේ පාළු ජීවිතේ මාගේ
බැති ගී කුසුම් පිපේවා
ශ්‍රී විස්ණු දෙව් සුරින්දේ"
(පද :තු. ව.කුසුම්පාල )
"මගේ හද තුළ පිපුණු කුළුදුල්
කුසුම ඇයි ඔබ පෑරුවේ
වෙනත් ඇසුරක සිසිල ලැබුමට
මාව ඇයි ඔබ තනිකලේ
කවුද ඔය හද ගොළු කළේ"
(පද : සරත් සන්දනායක)
" තනිවූ එදා චිත්‍රා වගේ
සිරකාරි වීලා මෙදා
උසුලන්න වූ - විඳගන්න වූ
බැරි පාළු දුක ඈත ඇඳුනා"
( පද :තු.ව.කුසුම්පාල)
යුග ගායනය : මැණිකේ අත්තනායක
" මින්දද හී සර වැදිලා
රංගනිගේ හද රිදිලා
චංචල දෑසම වසලා
මංගල සිහිනෙක රැඳිලා "
(පද : ප්‍රේමනාත් ජයතිලක )
" මිතුරු හමුවකින් ඔබ මා හඳුනා
පලමු ලිපිය ලියලා
පාළු මාවතේ එරබදු සෙවනේ
ඔබ මා හමුවීලා "
(පද : බියගම ආනන්ද )
" වැහිබර වලාකුලයි කඳුලින් පිරි දෙනෙත් ඇගේ
හඬන්න කිට්ටුයි වාගේ
මා...නෑ හඬවන්නට සිතුවේ "
(පද : උදය කුමාර අබේගුණවර්ධන )
" ශන්මුඛ ශ්‍රී දෙවිදේ සිරිපා
සදා වදිම් මෙසේ
මවා ඔබේ රූ හදේ
ශන්මුඛ ශ්‍රී දෙවිදේ සිරිපා "
( පද : ප්‍රේමනාත් ජයතිලක )
ආදි ගීත රාශියක්ම ඔහු විසින් ගායනා කර ඇත. බොහෝ ගීත සඳහා ඔහුට ලතා වල්පොල , රූපා ඉන්දුමතී වැනි එකල ප්‍රවීණ ශිල්පිණියන් යුග ගායනයෙන් එක්වී ඇත.
ඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.
සටහන : ඇන්ටන් ජේ.ප්‍රනාන්දු
2023 නොවැම්බර් 09
ජේ. ඒ. ධර්මරත්න මහතා ගායනා කළ, මහාචාර්ය සමන්ත ජයවීරගේ විසින් පළ කරන ලද ගීතයක් පහතින් පළ වේ.