ජ්‍යෙෂ්ඨ සිනමා සහ කලා විචාරකයෙකු මෙන්ම මාධ්‍යවේදියෙකු වන ගුණසිරි සිල්වා මහතා මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් නම් තබනු ලැබූ 'දෙඤ්ඤං බැටේ' විචාරය ගැන ෆේස්බුක් සටහනක් තබා තිබිණි.
මහාචාර්ය එදිරිවීර සරච්ච්න්ද්‍ර
මාක්ස්වාදී විචාරයට නමක් පට බඳී !
‘දෙඤ්ඤං බැටේ විචාරය !’ .
‘සකුරා’ සංස්කාරක මණඩලයෙන් මෙහෙය වූ ‘පාර දිගේ’ සම්මන්ත්‍රණය වඩාත් ඵල දැරුණේය. එම සම්මන්ත්‍රණයේදී මහාචාර්ය සුචරිත ගම්ලත් ස්වකීය දේශනයෙන් මතුකළ කරුණු මත එතෙක් නිල විචාරය විසින් බැහැර එම චිත්‍රපටය කෙරෙහි නව විචාරක ඇස යොමු කෙරිණි.
‘සකුරා’ සංස්කාරක මණ්ඩලය වෙනුවෙන් එදින අප පළ කළ පත්‍රිකාවක් මගින්ද ‘පාරදිගේ’ චිත්‍රපටය නව ඇසකින් දකින්නට නව විචාර ඇසක අවශ්‍යතාව අවධාණය කළෙමු.
‘පාර දිගේ’ චිත්‍රපටයෙන් පසු පතිරාජ අතින් නිර්මාණය වූ ‘සොල්දාදු උන්නැහේ’ අතිශය තියුණු දේශපාලනික දෘෂ්ටිවාදයක් සහිත චිත්‍රපටයක් විය.
ධනපති ක්‍රමය තුළ ජනතා පරමාධිත්ය්ය සැබැවින්ම ජනතාව සතුව පවතින්නද යන්න ප්‍රශ්ණ කරන එය නැරඹු සැනින් ‘කැටපතේ’ අපට නැවතත් සම්මන්ත්රණ උණ වැළඳුනේය. අපි (රනිල් ඇල්විටිගල, ජී. ඇල්. ආරියපාල, ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු, ජයන්ත කළුපහන, චිත්‍රාල් සොයිසා, සහ මම) වහාම ‘සොල්දාදු උන්නැහේ’ අරබයා සම්මන්ත්‍රණයක් සංවිධානය කළෙමු.
‘බඹරු ඇවිත්’ සහ ‘පාරදිගේ ‘සම්මන්ත්රණවලින් පසු අපේ වීරයා බවට පත් වූ මහාචාර්ය සුචරිත ගම්ලත් ප්‍රධාන දේශකයා ලෙසත්, ආචාර්ය සුනන්ද මහේන්ද්‍ර . අජිත් සමරනායක සෙසු දේශකයෙන් ලෙසත් යොදා ගතිමු. එයටද ‘බඹරු ඇවිත්’ සහ ‘පාර දිගේ’ සම්මන්ත්‍රණවලට මෙන්ම නිල විචාරකයන් එක්කරගනන්ට දැරූ ප්රයත්නය අසාර්ථක විය.
සම්මන්ත්රණ පවත්වන්නට විකල්ප තැන් සොයා ගිය අප ‘සොල්දාදු උන්නැහෙ’ සම්මන්ත්‍රණය සදහා යොදා ගත්තේ කොළඹ නව නගර ශාලාවය.
මේ සම්මන්ත්රණ මාලාවේදී මහාචාර්ය සුචරිත ගම්ලත් පහර දෙන්නට ඕනෑ තැන් වලට අතොරක් නැතිව පහර දෙමින් කළ විචාරය, එවකට සම්මත කලා විචාරය දෙදරුම් කෑමක් විය. එම විචාර නොඉවසූ මහාචාර්ය එදිරිවීර සරච්ච්න්ද්‍ර ‘දෙඤ්ඤං බැටේ විචාරය’ මැයෙන් ඊට අපූරු නමක් පටබැන්දේය.
‘සොල්දාදු උන්නැහේ’ සම්මන්ත්රණයේදීද මහාචාර්ය ගම්ලත් පතිරාජගේ ප්රයත්නය මනාව දේශපාලනිකව විග්රහ කරමින් ඊට ප්‍රතිවිරුද්ධ මත වලට පහර දුන්නේය. ‘බඹරු ඇවිත්’ සම්මන්ත්‍රණයේදී මෙන්ම මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර එහිදී මහාචාර්ය ගම්ලත් සමග පැටලුණේය. ඔහු ගම්ලත්ට ප්‍රතිප්‍රහාර එල්ල කළේ ‘මේ කුණු මාක්ස්වාදය කලා විචාරයට එක්කර නොගත යුතු’ බවකි.
සම්මන්ත්රණ අවසාන්යෙදී බොරැල්ල ඩියුරෝවේදී ‘සෙට්’ වීමද එවකට අපි පුරුද්දක් කොට ගතිමු. සම්මන්ත්‍රණයේ කතා සහ පසු කතා තලු මරමින් අප හා ‘සෙට් වන්නට’ මාහාචාර්ය සුචරිත ගම්ලත්ද එක්වන්ට තරම් නිහතමානී විය. එහිදී චිත්‍රාල් ද සොයිසා වැදගත් අදහහසක් මතු කළේය. ‘සරච්චන්ද්‍ර ප්රමුඛ පේරාදෙණිය ගුරු කුලය දැන් ඉවරයි මාක්ස්වාදී කලා විචාරය ඉදිරියට ගෙනියන්න අපිත් ගුරු කුලයක් පිහිටු වන්න ඕනෑ’යි ඔහු කීය.
‘ ඔව් ඒකට ගුරුකුලයක් ඕනෑ අපි පිහිටුවමු අලුත් ගුරු කුලයක්’ මහාචාර්ය ගම්ලත් වහා ඊට එකඟත්වය පළ කළේය.