'කනත්ත පාර' ගීතයෙන් ජනප්රිය වූ ගායක අර්ජුමාන් බොහෝ විට සිය අදහස් සමාජ ජාල ඔස්සේ බෙදාගන්නා ගායකයෙකි.
මීට දින කිහිපයකට පෙර එසේ සිය රසිකයින් වෙනුවෙන් සටහනක් තබමින් අර්ජුමාන් කියා තිබුණේ සිය රසිකයන් සමාජ ජාලවල තබන ප්රතිචාර වෙනුවෙන් සෑම විටම හදවත් සලකුණක් තැබීමට උත්සාහ කරන බවය.
ආදරණීයන් වෙත ලියමි මම හිතෙන් වැටුන වෙලාවට, දුකෙන් කරදරෙන් ලෙඩින් වියෝවෙන් ඉද්දි, ෆෝන් එක අරගෙන, ඕගොල්ලො මේ ලියලා තියෙන හැම කමෙන්ට් එකක්ම හිමින් හිමින් කියෝනවා. එහෙම කියෝගෙන පල්ලෙහට යද්දි මට නිකම්ම සතුටු සිනහාවන් ගලාගෙන එනවා. ඇස් වලට කදුලු එනවා. ආදරයක් දැනෙනවා. ඒකෙන් මට පණක් ලැබෙනවා. මේ චැනල් එකේ තියෙන්නේ දැනට අවුරුදු දහයකට එහා ඉදන් මගෙන් ලියවුන, හැදුන නිර්මාණ. ඒවා අද වෙද්දි ඕගොල්ලො වැළදගෙන තියෙනවා. මම මේ දේවල් මේකෙ අප්ලෝඩ් කරේ කවදාහරි මම අහම්බෙන් මැරුනත් කවුරුහරි මේවා දකියි නෙ කියලා. ඉතිං අද මට සතුටුයි. මම අද ජීවත් වෙන නිසා. මට සිංදුවක් කරන්න ඕනා කියල හිතුනට ඒක හරියට වෙන්නෙ නෑ. බලෙන් දෙයක් කරන්න ගියාම ඒක සුන්දර නෑ. මම මේ යන විදියට ඕගොල්ලො වගේම ජිවත් වෙනවා. දුක කේන්තිය සතුට පැතුම හිරකරගෙන මේ කරත්තෙ අදිනවා. අදහස් තියෙනවා හිතේ. ඒවා යථාර්ථයක් වුනොත් ගීතයක් ෆිල්ම් එකක් විදියට මේකෙන් මම එළියට දාන්නං. දැන් මට බලාපොරොත්තුවක් තියෙනවා. ඒ ඕගොල්ලො. පාරෙදි බස් එකේදි කොහෙ හරි අහම්බෙන් සෙට් වුනොත් අපි කතා කරමු. හැමවෙලේම අහම්බ හරිම ලස්සනයි, මතක හිටිනවා නෙ. ඉක්මනින් අලුත් දෙයක් එළියට දාන්න බලනවා. මෙහෙම යමු. ඕගොල්ලන්ට මම මගෙ ගෙදර අම්මා තාත්තා, සහෝදර සහෝදරියො, ගමේ උන්, යාලුවො, මගෙන් ඉගෙන ගන්න ළමයි වගේම ඇත්තටම ආදරෙයි. ඒක බොරුවක් නෙමේ. මම දන්න ආදරේ අනුව මම ආදරෙයි. ඕගොල්ලො ලියපු හැම කමෙන්ට් එකකටම මම හාර්ට් එකක් දානවා. මිස් වුනොත් නිදහස් වෙලාවක් සෙට් වුනාම කම්පියුටර් එකෙන් ලොග් වෙලා හරි දානවා. ඒ හැම කමෙන්ට් එකකටම මම ගරු කරනවා. අපි ඉස්සරාට යමු! ❤ - අර්ජුමාන් 14.11.2023