නාඩගම්කාරයෝ ඇතුළු ජනප්‍රිය ටෙලි නාට්‍යය කිහිපයකම දුටු විරාජ් ධනුෂ මේ දිනවල ප්‍රේක්ෂක ඔබ දකින්නේ බේකිරි ගෙදර ටෙලි නාට්‍යයේ පාලිත නම් චරිතය හරහාය. එමෙන්ම විරාජ් ජනප්‍රිය ටෙලි හා සිනමා නළු මිහිර සිරිතිලක අධ්‍යක්ෂණය කරන අලුත්ම ටෙලි නාට්‍යය තුළින්ද ඉදිරියේ දැක ගන්නට හැකිය.
විරාජ් කොහොමද විලාසිතාවලට දක්වන කැමැත්ත?
තරුණ අපි හැමෝම කැමතියි නේ විලාසිතාවලට. තරුණයෙක් විදිහට ඉතින් මාත් කැමති විලාසිතා කරන්න. හැබැයි එන හැම විලාසිතාවමක්ම මම කරන්නේ නැහැ. මට හිතෙන හා මට ගැළපෙනවා කියලා හිතෙන විලාසිතා විතරක් මම කරනවා.
කැමති ඇඳුම් විලාසිතා එහෙම තියෙනවද?
එහෙම විශේෂයක් නැහැ. මට ගැළපෙනවා කියලා හිතෙන ඇඳුම් මම අඳිනවා. මගේ අම්මා නම් කියන්නේ මට ෂර්ට් වගේ දේවල් ගැළපෙනවා කියලා. එතකොට යාළුවෝ කියනවා මට ටී ෂර්ට් වගේ ඇඳුම් ගැළපෙනවා කියලා. මටත් හිතෙනවා ඒ ඇඳුම් මට ගැළපෙනවා කියලා. තව මම කැමතියි එක පාටකට කොටු වෙන්නේ නැතුව විවිධ වර්ණවලින් යුත් ඇඳුම් අඳින්න. ගොඩක් වෙලාවට මම මෑත කාලයේ අඳින්න ඒ වගේ ඇඳුම්.
මේ දිනවල නිතරම කියන ගීතය මොකක්ද?
සංජිව ලොන්ලියන්ස් ගායනා කරන පිට කවරේ.. ගීතේ. ඒ ගීතයට මම කැමති වෙන්න හේතු කිහිපයක්ම තියෙනවා. ඒ ගීතයේ පද පේලි ටිකට මම කැමතියි. ජීවිතේට ගොඩක් වැදගත් හා හිතට කාවඳින වචන ටිකක් එහි ගැබ්වෙලා තියෙනවා. අනික සංජිවගේ කටහඬට වගේම ගීතයටට එකතු කරලා තියෙන සංගීතයත් හොඳටම ගැළපෙනවා.
විරාජ්ට මුණ ගැහෙන්න ඕනා පෙම්වතිය මොන වගේ කෙනෙක්ද?
දඟකාර ගතිපැවතුම් තියෙන ගැණු ළමයෙකුට මම කැමැතියි. ඒ වගේම පිළිවෙළට අඳින පිළිවෙළට ලස්සනට ඉන්න කෙනෙක්ට කැමතියි. හිත හොඳ කෙනෙක් වෙන්නත් ඕනා. හැබැයි හීත වගේම රූපයත් ලස්සන වෙන්න ඕනා කියලා මම හිතනවා. ඒ වගේ කෙනෙකුට මම ආදරය කරන්න ඉතින් දෙපාරක් හිතන්නේ නැහැ.
අන්තිමට නරඹපු චිත්‍රපටය මතකද?
චිත්‍රපට කිහිපයක්ම මම මෑතකදී බැලුවා. කතුරු මිතුරු, ජවාන් වගේම ද නන් දෙවැනි චිත්‍රපටය. මේ චිත්‍රපට තුනෙන්ම ගොඩක්ම සිත්ගත් චිත්‍රපටය වුණේ ෂාරුක් ඛාන්ගේ ජවාන් චිත්‍රපටය. චිත්‍රපටයට කැමති වෙන්න ප්‍රධානම හේතුව ඒකේ තියෙන කතාව. අපි හැමෝගේම වීරයා තාත්තා නේ. මේ චිත්‍රපටයෙත් එහෙම කතාවක් තමයි තියෙන්නේ. ඒ හින්දා මම ජවාන් ගොඩක් ආසාවෙන් බලපු චිත්‍රපටයක් වුණා.
විදෙස් ටෙලි නාට්‍යය එහෙම නරඹන්නේ නැද්ද?
කාර්යබහුල ජිවීතයක්නේ අපි ගෙවෙන්නේ. ඒ වගේ වටපිටාවක් එක්ක ටෙලි නාට්‍යය බැලෙනවා ගොඩක්ම අඩුයි මට. චිත්‍රපටයක් නම් පැය කිහිපයකින් නරඹලා ඉවර කරන්න පුළුවන් වුණාට ටෙලි කතාමාලාවක් එක පාර නරඹලා ඉවර කරන්න අමාරුයි. හැබැයි මම ස්කොඩ් ගේම්ස් කියලා ටෙලි කතාවක් ඉතාම ආසාවෙන් බැලුවා පසුගිය කාලේ. ඒක තමයි මම අන්තිමට නරඹපු ටෙලි නාට්‍යය මාලාව.
ක්‍රිකට් තරග එහෙමත් මේ දිනවල බලනවා ඇති?
ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරපු හැම තරගයක්ම වගේ බැලුවා. හැබැයි මම ශ්‍රී ලංකා කණ්ඩායම දිනද්දි වගේම පරදිද්දිත් ක්‍රිකට් තරග බලනවා. මොකද ඒ තරමට මම ක්‍රිකට්වල ඇබ්බැහි වුණ කෙනෙක්. මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම අසාර්ථක වෙලා තියෙනවා. ඒක කණගාටුවක්. නමුත්, දින්නත් පැරදුණත් අපි අපේ ක්‍රීඩකයින් සමග සිටිය යුතුයි කියලා. මේ තරගාවලියේ අසාර්ථක වුණත් ඔවුන් පසුගිය කාලේ විශිෂ්ට තරගාවලි කිහිපයක්ම ජයග්‍රහණය කළා.
මෙවර ලෝක කුසලානය දිනන්නේ කවුද?
මම කැමතියි දකුණු අප්‍රිකාව වගේ රටක් මේ පාර ලෝක කුසලානය දිනනවා නම්. අවසන් වරට දැකපු හැම ලෝක කුසලාන තරගාවලියකදීම දකුණු අප්‍රිකාව හොඳින් ක්‍රීඩා කළා. නමුත්, ඔවුන් අවාසනාවන්ත කණ්ඩායමක් ලෝක කුසලාන ක්‍රිකට් තරග ඉතිහාසයේදී. ඉතින් ඒ වගේ කණ්ඩායමට මේ පාර ලෝක කුසලානය හිමිවෙනවා නම් මම ගොඩක් සතුටු වෙනවා.
බුද්ධික සේනාධීර