සිංහල සිනමාවේ සදාතන ජනප්රිය නළුවෙකු මෙන්ම ජනප්රිය ගායකයෙකු වූ විජය කුමාරතුංගයන්ගේ ජන්ම දින සැමරුම යෙදී තිබුණ ඔක්තෝබර් මාසය පුරා ඔහු සිහි කරන විවිධ වැඩසටහන් පැවැත්වුණි.
ජාතික රූපවාහිනියේ 'සඳරූ සුයාමය'ද විජය කුමාරතුංගයන් සිහි කරමින් පැවැත්වුණ වැඩසටහනකි. ඔහුගේ බිරිඳ, හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක එහි එක් වැඩසටහනකට සහභාගි වෙමින් විජයගේ මරණයට පෙර දින 10කට පෙර පළ වූ ප්රවෘත්තියක් ගැන අනාවරණ කර තිබුණාය.