අරුණ ගුණරත්න සිනමාවේදියාගේ යූටියුබ් චැනලයේ මෙවර කතාබහට එක් වෙන්නේ තිස්ස ලියනසූරිය චිත්‍රපට අධ්‍යක්ෂවරයාය. ඒ ගැන තැබූ සටහනද සමග වැඩසටහනේ කොටසක් මෙහි සඳහන් වේ.
තිස්ස ලියනසූරිය වර්තමානයේ මෙරට ජීවත්ව සිටින ජ්‍යෙෂ්ඨතම චිත්‍රපට අධ්‍යක්ෂවරයාය. සංදේශය චිත්‍රපටයේ සහාය අධ්යක්ෂ ලෙස ඔහු සිනමාවට එක්විය. ඔහු අධ්‍යක්ෂණය කළ ගැටවරයෝ හා සාරවිට චිත්‍රපට දෙකම සරසවිය සිනමා උලෙළේ හොඳම අධ්යක්ෂණයට හිමි සම්මානය දිනා ගත්තේය. නිළි රැජන මාලිනි ෆොන්සේකා සිනමාවට හඳුනාව දෙන ලද්දේ ද ඔහු විසිනි. ඔහු තැනූ වාර්තා චිත්‍රපට කිහිපයක්ම ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර විය. ඔහු සමඟ කළ මෙම සංවාදය ඉතා දීර්ඝ එකකි. එහි ඔහුගේ අතීතය, සහ නිර්මාණ පිළිබඳවද සිනමා කර්මාන්තයේ ඉතිහාසයද ඇතුළත්ය. ඔබේ පහසුව සඳහා එය අප ඉදිරිපත්කරනුයේ කොටස් කිහිපයකිනි. මේ එහි මුල් කොටසයි. මේ සමඟ ඔහු විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට පිළිබඳ අරුණ ගුණරත්න යූටියුබ් චැනලයේ ඇති යූටියුබ් වැඩසටහන්ද නරඹන්න.