සිය කලා ජීවිතය තුළ රසිකයින් පිනවීම සඳහා පමණක්ම කටයුතු කළ සිනමා නිළි සමන්ති ලැනරෝල් මහත්මිය වර්තමානයේ ඉතා අසරණ තත්ත්වයක පසුවන්නීය.
නිවසේ විදුලි බිල හෝ ගෙවා ගැනීමට පවා අවම වශයෙන් නොහැකි අසීරු දිවියක් උරුම වී ඇති රංගන ශිල්පිනිය හෘද සැත්කමට බඳුන් වී ඇතත් ඒ සඳහා වන ප්‍රතිකාර ගැනීම පවා මේ මොහොතේ ඇයතින් මග හැරී ඇත්තේ අදාළ වෛද්‍ය පරීක්ෂණ සඳහා කළ යුතු වියදම් දැරීමේ අපහසුතාව හේතුවෙනි.
ඔරුවල ප්‍රදේශයේ කුළී පදනම මත නිවසක ජීවත් වන සමන්ති ලැනරෝල් මහත්මිය නිවසේ විදුලි බිල විසන්ධි කරන බවට දැනුවත් වී ඇතත් මේ මොහොතේ එය ගෙවීම පවා මහත් අභියෝගයක් වී තිබේ.
සියයට දහයේ පොලියට මුදල් රැගෙනයි ඇය ගෙවල් කුළී ගෙවීම පවා සිදු කරන්නේ. දෛනික ආහාර ගැනීමේ සිට රෝහලකින් නික්ෂේපණය කරන ලද එන්නතක් වැරදීම හේතුවෙන් වූ අසාත්මිකතාවයක් උඩ පාදයක් කපා ඉවත් කිරීම හේතුවෙන් රෝද පුටුවේ සිටින දියනිය රැකබලා ගැනීම පවා ඇගේ ජීවිතය තුළ අසීරු කාරණයක් වී තිබේ.
වත්මන් ආර්ථික රටාව තුළ බෙහෙවින් අසීරු වූ ජීවිත ගෙවන මුත් සමන්ති ලැනරෝල් මහත්මිය සමග විසූ කලා හිතවතුන් මෙන්ම ඇගේ රසික රසිකාවියන්ද ඈ වෙත සරණ වෙනු ඇතැයි උදක්ම මෙයින් බලාපොරොත්තු වෙමු.
සමන්ති ලැනරෝල් මහත්මිය වෙනුවෙන් සුළුවෙන් හෝ කළ හැකි දායාදයක් වේ නම් ඇයගේ බැංකු ගිණුම් අංකය පහතින් පළ කරන්නෙමු.
Name- SAMANTHI LANAROL
Bank-COMMERCIAL
Account no-8180002057
Branch-KOTTAWA