සමිතා මුදුන්කොටුව සහ අතුල අධිකාරි යනු ශ්‍රී ලාංකික ගීත කලාවට රසවත් සරල රසවින්දනයක් සහිත ගීත නොමදව දායාද කළ ගායන යුගලකි.
ඔවුනොවුන්ගේ හඬ මුසුව ලැබූ යුග ගීත ගායනා බොහොමයක් දශක තුනකට අධික කාලයක් රසික ජනතාවගේ හද තුළ රැඳී ඇත්තේ අලුත් ගීත දායාදයන් බොහොමයක් ලාංකේය ගීත සාහිත්‍යයට එකතු වන මොහොතකය.
එසේ නමුත්, දශක දෙකකටත් අධික කාලයකින් අනතුරුව 'අතුල, සමිතා සමග කාවින්ද්‍යා අධිකාරි සජීවී ප්‍රසංගය' අති සාර්ථකව පැවැත්වුණ අතර එහිදී පියා, මව, දියනිය වන අතුල අධිකාරි, සමිතා මුදුන්කොටුව සහ කාවින්ද්‍යා අධිකාරි සංවේදීව 'හඳපානක් සේ ඇවිදින්' ගීතය ගායනා කළේ මෙසේය.