හිරු ස්ටාර්හි සිය ගායනා කෙරෙන් රසික සිත් දිනූ නවක ගායකයෙකු වන විහංග සත්සර හෙට (12) දිනයේ සිය ජීවිතයේ කඩ ඉමක් හැටියට සැලකෙන සැත්කමකට මුහුණ දීමට නියමිතය.
එනම්, පිළිකා රෝගියකු වන ඔහුගේ ජීවිතය සුරැකීම සඳහා වන සැත්කමකට මුහුණ දීමට ඔහු මේ වන විට සූදානම් වෙමින් පවතී.
සිය ජීවිතය සුරැකීම සඳහා කළ යුතු සැත්කමට රුපියල් කෝටි එකහමාරක මුදලක් විහංගට අවශ්‍ය වූ අතර තමන් ලැබූ ජනප්‍රියත්වය මත එම මුදල මේ වන විට සොයාගැනීමට ඔහු සමත් වී ඇත.
මීට පීර සැත්කමට මුදල් සොයාගැනීම සඳහා ඔහු බස්රථවලට පවා ගොඩ වූ තරුණයෙකි.