මේ දිනවල නත්තල ගැන කරන කතාබහ සමග නාසරෙත්හි මරියා හෙවත් මරියතුමිය සහ ජෝසප් හෙවත් ජුසේතුමා ජේසුස්වහන්සේ ප්රසූත කිරීමට පෙර නාසරෙත් නුවර සිට බෙතෙලෙහෙමය දක්වා ගමන් කළ මාර්ගය පෙන්වන විස්තරයක් ප්රචාරය වේ.
FIDES Quaerens Intellectumට අනුව ගූගල් සිතියම් ආධාරයෙන් බලන විට එය පැය තිස් එකක ගමනක් නමුත්, එවකට බූරුවකු පිට නැගී මරියා සහ ජෝසප් ගමන් කළ මාර්ගය මීට වඩා දුෂ්කර මෙන්ම වෙනස් එකක් බවත් එම සටහනින් සිහිපත් කරයි. එම සටහන මෙසේය.
"අපි නත්තලට ළං වන විට මරියා සහ ජෝසප් ඔවුන්ගේ උපන් ගම වන නාසරෙත් සිට බෙත්ලෙහෙමට යාමට සිදු වූ ගමන්මග සිහිපත් කිරීම ඉතා අගනේය. අද මෙම ගමන සඳහා සකස් කළ මර්ගයක් හරහා ඇවිදගෙන යාමට පැය 31ක් ගත වන අතර ගූගල් සිතියමට අනුව එවකටද බොහෝ නගර තරණය කිරීමට ඔවුන්ට සිදු විය. ගූගල් සිතියම වර්තමානයේ ඇති නමුත්, රළු භූමියක් පසු කරමින් භයානක ගමන් මගක් තරණය කිරීමට වූ මරියා සහ ජෝසෙප්ට සොරුන්, අසීරු කාලගුණය, ශීත කාලය, දැඩි සුළං සේම අයිස් සහ හිම වුවද පසුකර යාමට සිදු වූවා විය හැකිය. ගැබ්ගැනීමෙන් අනතුරුව අවසාන මාස තුනට අවතීර්ණ වී සිටි මරියාවන්ට සහ ශාන්ත ජෝසප්ට ආහාර තිබුණේ ඉතා ස්වල්පයක් වන අතර උණුසුම සපයාගැනීම පිණිස තිබුණේද සුළු මාර්ග කිහිපයක් පමණි."