දකුණු ඉන්දීය සිනමාවේ වීරත්වය රැගත් රංගන ශිල්පියෙකු සහ දේසීය මුරුපොක්කු ද්‍රවිඩ කසහම් හෙවත් ඩී.එම්.ඩී.කේ පක්ෂයේ නිර්මාතෘ විජයකරන් විජයකාන්ත් වයස අවුරුදු 71ක් ආයු සපුරා ඊයේ (29) චෙන්නායිහිදී සිය ජීවිතයෙන් සමුගත්තේය.
රෝගී තත්ත්වයක් හේතුවෙන් එම්අයිඕටී ජාත්‍යන්තර රෝහලේදී කොවිඩ් 19 වැළඳී ඇති බවට තහවුරු කරගෙන එය දැනුම් දීමෙන් පසුව දෙවන වරට නළ්වා මිය ගිය බව දැනුම් දීමට කටයුතු කර තිබිණි.
මීට පෙර නොවැම්බර් මසදී රෝහල්ගත කළ ඔහු සති තුනකට අධික කාලයක් රෝහල්ගත කර තිබිණි.
දෙසැම්බර් 14 ඩීඑම්ඩීකේ විධායක හා මහා සභා රැස්වීමටද සහභාගි වූ අතර එහිදී ඔහුගේ බිරිඳ ප්රේමතා විජයකාන්ත්ගේ පක්ෂයේ නව මහලේකම්වරයා වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබිණි.
1952 අගෝස්තු 25 වැනි දින මදුරෙයිහි විජයරාජ් ලෙස උපන් ඔහු 1979දී 'ඉනිකුම් ඉලමායි' චිත්‍රපටයට තෝරා ගැණිනි.
විජයකාන්ත්ගේ ජනප්‍රිය චිත්‍රපට අතර සෙන්තෝරා පූව්, පුලන් වලපනෛ යනාදිය වේ.
2005දී ඔහු දේශපාලනයට අවතීර්ණ වූ අතර එතැන් සිට සක්‍රීය දේශපාලනයේ නියැලිණි.