සමාජයට මීට වඩා සතුට හා සැනසීම හිමි විය යුතු බවට අපේක්ෂා කරමින් 'අගහස් යාය' කලාකාර ජනසභාව දෙසැම්බර් 30 වැනිදා සවස 2ට අනුරාධපුර ජයන්ති මාවතේ සී බෑන්ක් උත්සව ශාලාවේදී රැස් වීමට නියමිතය.
'අගහස් යාය - කලාකාර ජන සබාව' ප්‍රවීණ ගත්කතුවර ජයතිලක කම්මැල්ලවීරයන්ගේ ප්‍රධානත්වයෙන් එක්ස් වීමට නියමිත අතර කලාව, මනුෂ්‍යත්වය හා දේශපාලනය එකට යා කෙරෙන එම සොඳුරු නිමේෂය සාර්ථක කරගැනීමට සියලු කලාකරුවන්ට එම ජන සබාවේ සංවිධායකයෝ ආරාධනා කරති.