ලතා වල්පොල සහ ධර්මදාස වල්පොල ගායනා කරන 'පිපෙන පියුමන්' යුග ගීතය එම දෙපලගේ මුණුබුරා වන තිසර බණ්ඩාර සහ ක්රිස්ටිනා බණ්ඩාර විසින් යළි ගායනා කරනු ලැබ තිබේ.
ඔවුන් මීට පෙරද සිය මුත්තණු මිත්තණියගේ ගීත ගායනා කළ රසවත් ආකාරයටම මෙම ගීතයද ගායනා කර තිබෙන බව රසික ප්රතිචාරවලින් පෙනෙන්නට තිබේ.