නව වසර 2024 ආරම්භ වන හෙටින් (01) පසුව ඉදිරියට තිරගත වීමට නියමිත චිත්‍රපට අතරින් සිනමාවට ලැදි ප්‍රේක්ශකයින්ට ආරංචි කිහිපයක් දැනගැනීමට ඇත.
සිනමා කර්මාන්තය පිළිබඳව ඝෘණාත්මක අදහස් ප්‍රකාශ වුවද නව චිත්‍රපට නිර්මාණය ගණනාවක් සැකසෙමින් පවතී. ඒ අනුව මේ වන විට නව නිර්මාණ රැසක් රූගත වෙමින් හා පසු නිෂ්පාදන කටයුතු සිදුවෙමින් පවතී. ඉන් බොහොමයක් චිත්‍රපට වැඩ නිම කළ ඒවා වේ. මින් කිහිපයක් 2024 ජනවාරි 04, 05 දිනවල තිරගතවීම් ඇරඹීමට නියමිතය.
එවැනි චිත්‍රපට 80ක් මේ වන විට අදාළ කටයුතුවල නියැලෙන බව දැනගන්නට ඇත.
එම නිර්මාණ ගණන මෙසේය.
විලන්, වීර්යා, ආදරණීය සිහිනයක්, මන්දාරා, සූරිය සුළඟ, 1970 ලව් ස්ටෝරි, සීරුවෙන්, රිදී සීනු, කිඩ්නැප්, පාස්පෝට්, මාරියෝ, සිංහබාහු, සිහින අනන්තේ, හොරා අන්කල්, මරු කතර, තවත් ආදර කතාවක්, යකඩ දියනියෝ, ටොම් පචයෝ, මිඩ්නයිට් ට්‍රේන්, විසල් ආදරේ, පිළි කඩතුරාව, මාගම් සෝලි, පානදුරාවාදය, 69, බැක් ටො ස්කූල්, දිරිය දෝණි, ආදර අන්තය, රොකට්, ගිගොලො, නෙලුම් කුළුණ, තරු අතර, ගිනියම් යාමය, සෙවණලි, ගුරු ගීතය, බ්‍රේකින් නිව්ස්, රතු සමනල හීනයක්, ජීවා, නිලූ මං ආදරෙයි, ගොවි තාත්තා, බහුචිතවාදියා, ඉක්කා, යාත්‍රා, අයිස්ක්‍රීම්, ශ්‍රී සිද්ධා, මැරීන් ඩ්‍රයිව්, සූවිසි විවරණ, මයිල්ස් ඔෆ් අ ඩ්‍රීම්, මම නෙවෙයි, දූස් රා, සීක්රට් ඔෆ් ද රෝස්, නුහුරු වෑයම, ටාජ්මහල්, ජෙන්ට්ල්මන් ලව්, සින්ඥෝරා, සයනයිඩ්, ඩිංගා, අග්නි, විශ්ම, චාඕ, පපාස් හවුස්, ප්ලෙසින් ත්‍රෝන්ස්, කුණු කොල්ලා, පීකොක් ලෙමන්ට්, වර්ණ, කපු, මනී, රුවන් තාරකා, ඕල් අබවුට් මයි ලව්, ඩොලර්, වර්ණ සර්ප, වෙඩින් කාඩ්, නිර්වස්ත්‍ර, සන්කරමි, සිහින සමීකරණ, ගිරිවැසිපුර, වාලම්පුරි, වජ්රාසන, කාලී, සිහිනයකි ආදරේ, කම්ම එම චිත්‍රපට අතර වේ.
සටහන : ඇන්ටන් ජේ. ප්‍රනාන්දු