2023 වසරේ තිරගත වූ චිත්රපට 37ක් අතරින් සාර්ථක වී ඇත්තේ චිත්රපට කිහිපයක් පමණකි.
කලා හිතකාමී පිරිසක් හැටියට ඊට බලපෑ හේතු කාරණා නිර්මාණ අසාර්ථක වූ අධ්යක්ෂවරුන් විමසා බැලිය යුතු වේ.
නිර්මාණකරුවාට නොව ප්රේක්ෂකයාට දැනෙන නිර්මාණ කිරීමට නිර්මාණකරුවා නිතරම උත්සාහ කළ යුතු බව මගේ පෞද්ගලික අදහසයි. එසේම, සිනමා කර්මාන්තයට ශක්තියක් සපයන නිෂ්පාදකවරුන්ද ආරක්ෂා කරගැනීම අධ්යක්ෂවරයාගේ යුතුකමක්ව පවතී. නිෂ්පාදකවරු ඉදිරිපත් නොවන්නේ නම් කර්මාන්තයේ අනාගතයක් පිළිබඳව සිතිය නොහැකිය.
ඇන්ටන් ජේ. ප්රනාන්දු