'අතුල-සමිතා Love In Concert With කවින්ද්‍යා අධිකාරි 2.0' මීළඟ ප්‍රසංගය ජනවාරි 20 වැනිදා කුරුණෑගල 'එපිටෝම්' (Epitome)හිදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
පසුගිය වසරේ දෙසැම්බර් 08 වැනිදා කොළඹ නෙළුම්පොකුණ රඟහලේදී පැවැත්වූ පළමු ප්‍රසංගයට ඉහළ රසික ප්‍රසාදයක් හිමි විය.
'තව එකපාරක් අපි ආදරෙන් හමුවෙලා.. ආදරෙන් වෙන්වෙලා යමූ..!! ඒ මතකයන් හැමදාටම ඉතිරිවේවී....' යනුවෙන් සඳහන් කරමින් එම ප්‍රසංගය සංවිධානය කෙරිණි.
0752970574 / 0758437027 අංක ඔස්සේ ආසන වෙන්කරගත හැකිය.
මීළඟ ප්‍රසංගය වෙනුවෙන් පසුගියදා අතුල අධිකාරි, සමිතා මුදුන්කොටුව සහ කාවින්ද්‍යා අධිකාරි කළ වීඩියෝවක් කාවින්ද්‍යා විසින් පළ කරනු ලැබ තිබිණි.
වීඩියෝ ධනුශ්ක සේනාධීර ෆොටෝග්‍රැපි, හැඩගැන්වීම ශානුක සමරතුංග සහ කොණ්ඩ සැකසුම මලින්ද මුදලිගේ සහ යළි සංගීත සංයෝජනය හිමාලයාන්ගෙනි.