සිතාරි අමීලියා ගයන, සම්පත් ප්රනාන්දුපුල්ලේ පද රචනා කළ, හංසා ප්රනාන්දු සංගීතවත් කර තනු සැකසූ 'මතක බංකුව' ගීතය පසුගියදා එළිදැක්විණි.
ජනප්රිය Forget Me Not කෘතිය මුල් කරගනිමින් ගීතය නිර්මාණය වී ඇති අතර පෙරාදෙණිය සරසවිය සහ පේරාදෙණිය දුම්රිය ස්ථානය පාදක කරගෙන රූප රචනාව සකස් කර ඇත.
පද:
හමු නොවන්නට
වෙන් නොවන්නට දිවුරා
කඳුලේ දුක සතුට තවරාලා
තුරුළු කරගන් සදා
උමතු උණුහුම බදා
දැවෙමි ආදරේ හිංදා //
මේ රිදුමන්
මහවැලියේ දිය කරලා
මතක බංකුවේ
කඳුළු අතුරමු රූරා
කවුරුවත් නැහැ
ඇස් අයාගෙන බලලා
හිතේ හැටියට
විඳ නිවෙන්නට ඕනා
තුරුළු කරගන් සදා
උමතු උණුහුම බදා
දැවෙමි ආදරේ හිංදා //
ඉකිගා හැඬුමට
ළමැදේ ඉඩ මට ඕනා
මතක බංකුවේ
රහස් ඇත සැඟවීලා
අඳුරේ පහසින්
හාදු වැස්සක් දීලා
සමුදී යන්නම්
හමු නොවේවිද මංදා
තුරුළු කරගන් සදා
උමතු උණුහුම බදා
දැවෙමි ආදරේ හිංදා //