ඉන්දියාවේ දැවැන්තම නිළියන්ගෙන් අයෙකු සහ 'ලේඩි සුපර්ස්ටාර්' විරුදාවලි ලත් නිළියක වන නයන්තාරාගේ නවතම චිත්රපටය වන Annapurni; The Goddess of Food චිත්රපටය ජිහාද් හිතවාදය ප්රවර්ධනය කරන බව පවසමින් මුම්බායිහි එල්ටී මාර්ග් පොලිස් ස්ථානයේ FIR ගොනුවක් කර ඇත.
පසුගිය වසරේ දැවැන්ත ලෙස සාර්ථක වූ ජවාන්හි ප්රධාන චරිත රඟපෑ නයන්තාරා ඉන් අනතුරුව ප්රේක්ෂකයින්ට දැකගැනීමට ලැබුණේ අන්නාපූර්ණි ඔස්සේය. දශක දෙකකට වැඩි කාලයක් සිනමා කර්මාන්තයේ නියැලෙන ඇගේ 'අන්නාපූර්ණි'හි රඟපෑම් විශිෂ්ට බව බොහෝ දෙනෙකු විසින් අගය කරනු ලැබ තිබිණි.
'ආහාරයේ දේවතාවිය' නම් තේමාව සහිත නිමවුණ චිත්රපටයේ සූපවේදියෙකු වීමට අපේක්ෂා කරන නයන්තාරා නිරූපණය කරන නයන්තාරාගේ චරිතය සැකසී ඇත්තේ සාම්ප්රදායික හින්දු පවුලකට අයත් වන පූජකයෙකුගේ දියණියක වශයෙනි. නමුත්, නිර්මාංශික වන ඇගේ පවුලේ වටපිටාව මගහැර ඇගේ සිහින වෙනුවෙන් නිර්මාංශ නොවන ආහාර පිසීමට සිදු වීමත් එහිදී අනපේක්ෂිත බරපතල අභියෝග ඇය ජයගෙන සාර්ථක සූපවේදිනියක වීමත් චිත්රපටයේ පෙන්නුම් කරයි.
ගොනුවට අනුව පිටුවහල්ව සිටියදී රාම, ලක්ෂ්මන් සහ සීතා දේවිය මස් අනුභව කළ බව චිත්රපටයේ අන්නාපූර්ණිගේ පෙම්වතා වන ෆර්හාන් විසින් (ඉන්දීය නළු ජායි) සඳහන් කරනු ලැබීම වාල්මිකීගේ රාමායණය වැරදි ලෙස අර්ථකථනය කිරීමක් හැටියට සඳහන් කර තිබේ. තවද, නයන්තාරාගේ චරිතය බුරියානි පිසීමට පෙර නමාස් කිරීමත් (ආහාර පිසීමේදී කරන මුස්ලිම් අනුගමනයකි) මතභේදයට තුඩු දී ඇත.