පෙරපාසල් ප්‍රසංගයකදී දරුවකු 'අමුක ඩුමුක' නර්තනයේ යෙදීම ගැන සුදුසුද යන්න ද්වේශසහගතව ප්‍රතිචාර දැක්වීම වෙනුවට ඒ ගැන පරිණත සමාජයක් හැටියට බුද්ධිමය සංවාදයකට යා යුතු බව ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශක,මනෝ චිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන සඳහන් කරයි.
එහිදී වෛද්‍යවරයා මොළයේ වැඩීම, වැඩීමේ පරිමාව සහ ජාන අතර සම්බන්ධයද සහිතව වටිනා කරුණු ගණනක් විස්තරාත්මකව සාකච්ඡාවට කටයුතු කර තිබේ.
සිය යූටියුබ් චැනලයේ සාකච්ඡාමය වීඩියෝවකින් ඔහු මේ බව පෙන්වා දී ඇති අතර චිත්තවේගික සංවර්ධනයේ ඇති වැදගත්කමද පෙන්වා දුන්නේය.
ජීවීන් කරන කියන ඕනෑම හොඳක හෝ නරක සෑම දෙයක්ම ඔවුන්ගේ මුල් ළමාවිය සංවර්ධනයට සාපේක්ෂතාවක් ඇති බව පොදු විද්‍යාත්මක අදහසයි. ළමයින්ට ළමයින් හැටියට පැවතීම සඳහා දක්වන සහයෝගයේ වැදගත්කම එහිදී වෛද්‍යවරයා ප්‍රකාශ කරයි. ළමා රියැලිටි තරඟ ගැනද එහිදී වටිනා අදහස් වෛද්‍යවර ප්‍රකාශ කරයි.
එම වටිනා අදහස එළඹෙන පරම්පරාවක රසඥතාව සහ කලා හැකියා වැඩීමටද ඉදිරියේදී අපට නිසැකවම සහාය වනු ඇත.