ඉන්දීය සිනමා ඉතිහාසයේ සදා නොමැකෙන නාමයක් වන බාලු මහේන්ද්‍ර සැමරීම කළ යුතු වන්නේ ඉන්දියාවේ යැයි කිසිවෙකු සිතන්නේ නම් ශ්‍රී ලාංකික සිනමාකරු බාලු මහේන්ද්‍ර සැමරීමද මෙරට සිනමා ලැදි අයට අමතක විය නොහැකිය.
ඒ අනුව බාලු මහේන්ද්‍ර සැමරුම් සම්මාන උලෙළ හෙවත් Balu Mahendhra Memorial Awards; VELS Awards පසුගිය 20 වැනිදා මඩකලපුව මඩකලපුව දේවනායගම් උත්සව ශාලාවේදී උත්කර්ෂයෙන් පැවැත්විණි.
සම්මාන උලෙළට ශ්‍රී ලංකාවේ දෙමළ සිනමා ක්ෂේත්රයේ පූර්ණකාලීන සහ අර්ධකාලීනව කටයුතු කරන බොහෝ දෙනෙක් සහභාගි වී සිටියහ.
වේල්ස් සම්මාන සංවිධායක සංගරලිංගම් ක්‍රිශාන්තන් මෙහි මූලිකයා වන අතර සම්මානලාභීන් සිය කැපකිරීම ඇගයීමේ සතුටින් පිනා ගොස් තිබුණහ.
බාලනාදන් බෙන්ජමින් මහේන්ද්‍රන් හෙවත් බාලු මහේන්ද්‍රන් මඩකලපුවේ අමිර්තකාලි ගම්මානයේ උපන් අයෙකු වේ. සිනමාකරුවෙකු ලෙස බාලු මහේන්ද්‍රන් ලෙස ජනප්‍රිය ඔහු 1966දී ශ්‍රී ලංකා රජයේ සහායෙන් සිය සිනමා කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව දෙමළ භාෂා චිත්‍රපට සඳහා ප්රමුඛ තැනක් ගන්නා ඉන්දියාව බලා ගොස් එහිද සිනමා අධ්‍යාපනය ලැබූ අයෙකි.
මලයාලම්, දෙමළ, කන්නඩ භාෂාවෙන් චිත්‍රපට කළ බාලු මහේන්ද්‍රන් ඉන්දීය සම්මාන දිනූ වාර ගණන දිගු ලිපියකින් මිසක මෙහිදී එකින් එක කිව නොහැකිය. ඉන්දීය සිනමාවේ එදාමෙදා තුර නිර්මාණය වූ ආදර ඛේදාන්ත චිත්‍රපටයක් වන කමල් හසන් - ශ්‍රී දේවිය රඟපෑ 'සද්මා'හි අධ්යක්ෂවරයා වන්නේද බාලු මහේන්ද්‍රයි. ඔහුගේ ශක්‍යතාව පැවසීමට 'සද්මා' පමණකුදු සෑහේ.
Vels Awards හි හොඳම සිනමා අධ්‍යක්ෂණය ජෙනෝසන් රාජේස්වර්, හොඳම නළුවා ජෙරාඩ් නොයෙල්, හොඳම චරිතාංග නිළිය ශාමලා නිරංජන් ඇතුළු සිනමාකරුවෝ රැසක් සම්මාන දිනූහ.
සරිගමප ජයග්‍රාහිකාව කිල්මිෂා යශිසායිටද එහිදී විශේෂ ඇගයුම් සම්මානයක් හිමි විය.