දිල්කා සමන්මලී යනු දෙරණ රූපවාහිනී නාලිකාවේ ප්රවෘත්ති සහ තවත් විශේෂාංග කිහිපයක ජනප්‍රිය වූ ශ්‍රී ලාංකික නිවේදිකාවන් අතරින් සලකුණක් වූ රූපවාහිනී නිවේදිකාවකි.
ඇය දෙරණ රූපවාහිනී නාලිකාවේ සිය සේවා කාලය අවසන් කිරීමට තීරණය කර තිබෙන බව මෑතකදී අසන්නට ලැබුණ අතර අද (22) ඇගේ අවසන් රූපවාහිනී සාකච්ඡාවෙන් පසුව ඇය සිය සේවය ලබා දුන් දෙරණ ආයතනයට නියමිත බව වාර්තා වේ.
ඒ දෙරණ නාලිකාවේ සභාපති දිලිත් ජයවීර මහතා සමඟ පැවැත්වෙන එම සංවාදයෙන් පසුව දිල්කා විදේශගත වීමට නියමිත බව පැවසේ.
රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කිරීමේදී බොහෝ විට සලකුණක් ලෙස කටයුතු කළ දිල්කා සමන්මලී මාධ්‍ය කටයුතු අත්හරින බවක් මෙතෙක් කියා නැත.