ප්‍රවීණ කැමරා ශිල්පී චන්න දේශප්‍රියගේ දෙවන සිනමා නිර්මාණය වූ 'දූස්රා' ජනවාරි 20 වන දින සිට 28 දක්වා බංගලිදේශයේ ඩකා නුවරදී පැවැත්වෙන 22 වන ඩකා ජාත්‍යන්තර චිත්‍රපට උළෙල නියෝජනය කිරීමට වරම් ලබා ඇත.
මෙම උළෙලේදී රටවල් හැත්තෑවක නිර්මාණය වූ චිත්‍රපට 250ක් පමණ ප්‍රදර්ශනය කරවීමට සැලසුම් කර ඇත.
මෙවර මෙම උළෙලේ තේමාව වී ඇත්තේ 'වඩා හොඳ චිත්‍රපටයක්, වඩා හොඳ ප්‍රේක්ෂක පිරිසක් සහ යහපත් සමාජයක්' යන්නයි.
මාක් ටෙසිටර් හා ලක්ෂාන් අබේනායක එක්ව නිෂ්පාදනය කල 'දුස්රා' චිත්‍රපටයේ රංගනයෙන් තිලක්ෂිණී රත්නායක, සජිත අනුත්තර, ලක්ෂාන් අබේනායක, ශ්‍යාම් ප්‍රනාන්දු, ස්ටීව් ඩිලා සිල්වා, වසන්ති රංවල, රුවන් මදනායක හා නදීශානි පේලිආරච්චි ඇතුළු පිරිසක් දායකව ඇත.
කැමරා අධ්‍යක්ෂණයෙන් ධම්මික රත්නායක, සංස්කරණයෙන් තිස්ස සුරේන්ද්‍ර, ශබ්ද පරිපාලනයෙන් සසික රුවන් මාරසිංහ, සංගීත අධ්‍යක්ෂණයෙන් චින්තක ජයකොඩි, අංග රචනයෙන් සමරසිරි කඳනගේ හා සහය අධ්‍යක්ෂණයෙන් දමින්ද ඩී මඩවල එක් වී ඇත.
'දුස්රා' තිර රචනයද චන්න දේශප්‍රිය විසින්ම නිමවන ලද්දකි.
ඇන්ටන් ජේ. ප්‍රනාන්දු