වේදිකා නාට්‍ය අධ්යක්ෂ ධනංජය කරුණාරත්න විසිනි.
යොහානිගේ ගීතය මුල් කරගෙන ඇතිවුණු කතාබහේදී මතුවුණු කලාව පිළිබඳව මට එකඟ වෙන්න අපහසු කාරණා කීපයක් මම සැකෙවින් සාකච්ඡා කරන්න අදහස් කළා. මේ ඉන් එකක්.
යොහානිගේම ගීතය පිළිගැනීම සම්බන්ධයෙන් ප්‍රධාන මතයක් වෙලා තිබුණ මං මේ කතා කරන කාරණය, තවත් කලාකෘති සම්බන්ධයෙන් නිතර මතුවෙන එකක්. ඒ තමයි කලා කෘතියක සාර්ථකත්වය තීරණය කිරීම සඳහා කලාකරුවා එය නිර්මාණය කිරීම් අරමුණ ව්‍යාජද අව්‍යාජදැයි විමසීම. සමහරු විවිධ විදිහට කියා තිබුණේ යොහානී කළේ කීයක් හරි හොයාගන්න පොරක් වෙන්න හෝ මතුවීමට ව්‍යාජ වැඩක් බවයි. විවිධ වචන වලින් හඳුන්වන මෙම 'ව්‍යාජය' වචනයෙන් අදහස් කරන්නේ හුදෙක් වෙළඳපොළ අරමුණකට වඩා වැඩි දෙයක් ඇයට නැති බවයි.
කලාකරුවාගේ අරමුණ ව්‍යාජ ද අව්‍යාජ දැයි
කෘතියක ගුණාගුණ විචාරය කිරීම සඳහා සලකා බලන ලෝකයේ කිසිදු කලා විචාරයක් හෝ න්‍යායක් දැනට බිහිවෙලා නැහැ. නමුත් එයින් අදහස් කරන්නේ නෑ කලාකරුවාගේ පුද්ගලික භාවිතා වල ගුණා ගුණ කතා කරන්න හෝ ඒවා විවේචනය කරන්න බැහැ කියලා. එයින් කියන්නේ, කලාකෘතිය විචාරය කිරීමේදී හෝ එය පිළිගැනීමට සහ ප්‍රතික්ෂ කිරීමට කලාකරුවාගේ අරමුණ හෝ පසුබිම ඊට සම්බන්ධ කළ නොහැකි බවයි.
මේ වෙනකොට ලෝකයේ සිරකරුවන්ගේ කලා නිර්මාණ වෙනම කලා ධාරාවක් ලෙසට වර්ධනය වෙමින් ඇවිත් තියෙනවා. කොටින්ම Prison Theatre/ Theatre in Prison නමින් නාට්‍ය ප්රවනතාවයන් පවා තියෙනවා. එවායේ නිර්මාණ ශිල්පීන් දූෂකයෝ මිනිමරුවෝ මංකොල්ලකාරයෝ හොරු ආදී අපරාධකරුවන්. එම කෘති කිසිවක් එම හේතු නිසා බැහැර කරන්නේ නෑ. සමහරවිට ඔවුන් නිර්මාණ කිරීමේ අරමුණ හිරගෙදරින් එළියට යෑම,හුදෙක් කාලය මරන්න දෙයක් හොයා ගැනීම, මුදලක් හොයා ගැනීම හෝ බාහිර ලෝකයේ අවධානය ලබා ගැනීම විතරක් වෙන්න පුළුවන්.මේ ආදී නිමක් නැති අරමුණු තියෙන්න පුළුවන්. එය සිරකරුවන්ට විතරක් නෙමෙයි කලා කෘතියක් නිෂ්පාදනය කරන ඕනෑම කෙනෙකුට තියෙන්න පුළුවන්. කලා කෘතියක් කියන්නේ පිරිසිදු අරමුණු වලින් පිරිසුදු මිනිසුන්ගෙන් නිෂ්පාදනය වුනු පිරිසුදු දෙයක් නෙමෙයී.
ඔබ අද දකින ලෝකයේ විශිෂ්ඨ චිත්‍රපටි,ඔපෙරා නාට්‍ය නිෂ්පාදන ආදිය ද මහා සමාගම් විසින් නිෂ්පාදනය කරන්නේ ලෝකයේ ඉන්න හොඳම ශිල්පීන් කුලියට අරගෙන ප්‍රේක්ෂක සහ සම්මාන උළෙලවල් ඇතුළු අනුග්රහක වෙළඳපොළවල් ඉතාම ශූර ලෙස ඉලක්ක කරලා.එම කෘති වල අන්තර්ගතයන් ,අමුද්‍රව්‍ය, ශෛලීන් මේ සියල්ල ඊට අනුව යොදපුව.නමුත් ඒ නිසා කෘතියක් අසාර්ථක වෙන්නේ නැහැ. සමහර විට වානිජ අරමුණු සමගම දේශපාලන ආදී වෙනත් අරමුණුද තියෙන්න පුළුවන්. ඒවා කුමක් වේවා කෘතිය සාර්ථකනම් , අරමුණු නිසා ඒක අපිට බැහැර කරන්න බැහැ. මුළු ලෝක කලා ඉතිහාසය පුරාම කලාකෘතිවල ස්වභාවය තීරණය කිරීම සම්බන්ධයෙන් අනුග්‍රාහක සහ ප්‍රේක්ෂක වෙළඳපොළවල් බලපාලා තියෙනවා. ඒක සාමාන්‍ය තත්වයක්. මයිකලෑන්ජලෝගේ වැනි විශිෂ්ට නිර්මාණවලට තේමාව පවා දීලා තියෙන්නේ අනුග්රහක වෙළඳපොලයි.මනමේ නාට්‍ය ගත්තත් එයින් ඉතා පැහැදිලිව පෙන්වනවා නාගරික කේන්ද්‍රීය උගත් බුද්ධිමත් සිංහල බුර්ෂුවා ප්‍රේක්ෂකාගාරයක් එහි ඉලක්කිත වෙළෙඳපොළ වුණ බව. ඕනෑම කෙනෙකුගේ කෘතියක් අරගෙන විග්රහ කරන්න පුළුවන් එම කලාකරුවාගේ ඉලක්කිත වෙළඳපොළ මොකක්ද බලාපොරොත්තු වන සංකේත හෝ මූල්‍යමය ප්රාග්ධනය මොකක්ද කියලා. නමුත් නිර්මාණය හැම විටම ඊට පමණක්ම ලඝු කරන්න බැරි නිෂ්පාදනය කිරීමට කලාකරුවාගේ පුද්ගල නැඹුරු තාවයන් රුචි අරුචිකම් ද බලපාන්න පුළුවන්.
යොහානිගේ ගීතය නිර්මාණය වන්නේත් ලෝකය සාමාන්‍යයෙන් කොයි නිර්මාණයත් නිෂ්පාදනය වන ආකාරයට වඩා වැඩි වෙනසකින් නෙමෙයි. ව්‍යාජ, අව්‍යාජ ,පොර වෙන්න, මාකට් එකට ආදී මේවා කලා කෘතියක් ගණන් බැලීම සඳහා අදාළ කර ගන්නට බැරි බැරෑරුම් කලා විමර්ශනවලදී යොදා නොගන්නා පදනමක් නැති වචන. ව්‍යාජ කලා කෘතිත් නෑ අව්‍යාජ කලාකෘතිත් නෑ. ඇත්තේ යම්කිසි කලා රසඥ්තාවයකට,,ඉගැන්වීමකට හෝ න්‍යායකට අනුව සාර්ථක නොවේ යැයි කියන නිර්මාණ පමණයි.
පොර වෙන්න හදනවා වැනි වචන වලින් කියන්නේ ජනප්‍රිය වෙන්න,ප්‍රසිද්ධ වෙන්න, කැපී පෙනෙන්න හදනවා කියන එක නම්, එවැනි ලක්ෂණ කිසිවක් නොපෙන්වන එනම් වෙළඳපොළ ජය ගන්නට උත්සාහයන් හෝ උපක්‍රම නැති ඔබ දන්නා වර්තමානයේ වැඩ කරන කලාකරුවෙකුගේ නම ලියන්න. තවත් පැහැදිලි කර ගැනීම සඳහා, යොහානි කළේ ව්‍යාජයක් නම් විශේෂයෙන් වර්තමානයේ කලා නිර්මාණ කරන ඔබ අව්‍යාජයි කියන කෙනෙකු අරගෙන යොහානි සමඟ සසදා යොහානිගේ ව්‍යාජකම පිළිගත හැකි තර්ක සහ සාධක වලින් අපට පැහැදිලි කරන්න.
කෘතියක් කෙතරම් සාර්ථක එහි ඓතිහාසික වැදගත්කම වැනි දේවල් පිළිබඳව එය නිර්මාණය කරපු කලාකරුවා හරියට දැනුවත් නොවෙන්න පුළුවන්. ඒකත් සාමාන්‍යයි. විචාරකයාගේ කොටස එය මතු කර ගැනීමයි.