ජනප්‍රිය 'Queen' චිත්‍රපටය රඟපෑමෙන් පසුව ඉන්දීය සිනමාවේ 'කුයීන්' ලෙස හඳුන්වන කංගනා රනෞවුට්ගේ විවාහය පිළිබඳව කතාබහට ලක් වී තිබේ.
ඒ පසුගියදා අයෝධ්‍යාවේ විවෘත කෙරුණු රාම් මන්දීර් අසල කංගනාගේ ඡායාරූප ප්‍රසිද්ධ වීමෙන් අනතුරුවයි.
ඒ නිශාන්ත් පිට්ටි නම් ඉන්දීය ව්‍යාපාරිකයා සමග එකට ගත් ඡායාරූප කිහිපයක් පළ කිරීමෙන් පසුවයි.
කංගනා මෑත කාලයේ එම ව්‍යාපාරිකයා හමු වූ අවස්ථාද පෙන්වා දෙමින් ඇය විවාහ වීම සඳහා පෙම්වතකු තෝරාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙන අතර ඇය අයෝධ්‍යාවේ ඡයාරූපවලින් මේ බව තහවුරු කර ඇති බවද පැවසේ.
කෙසේනමුත්, කංගනා අදාළ උත්සව අවස්ථාවට සිය පවුලේ අය සමග සහභාගි වූ ඡායාරූප පළ කර තිබුණත් ඇය නිශාන්ත් පිට්ටි සමග ගත් ඡායාරූප ඇගේ නිල සමාජ ජාල පිටුවල පළ කර නොතිබිණි.