ශාන් ඉද්දමල්ගොඩ විසින් 'සිනමාවේදීන්' ෆේස්බුක් සමූහයට ලියන ලද සටහනකි.
බටහිර නළුවෙකුගේ පෙනුම ඉංග්‍රීසි හුරු කතාබහ පැහැදිලි දැක්මක කතා විලාශය කැටි කරගත් නිහතමානී රංගන ශිල්පියා.
ඔහු බොහෝ සමිති සමාගම්වල ඉහළ නිලතල දැරූ සහ දරන පුද්ගලයෙකි දේශපාලන මතයක් ඔහු සතු අතර එය විවිධ අවස්ථාවලදී සමාජගත කරන්නට ඔහු සමත් වෙයි.
ඒ කෙසේ වුවත් ඔහු තුළ සිටින රංගන ශිල්පියාට අදටත් අපි ආදරය කරන්නෙමු
ඔහු රඟපෑ නිර්මාණ ඉතා ස්වල්පයක් වුවත් එය ප්‍රේක්ෂක ආකර්ෂණය ඇඳ බැඳ තබා ගන්නට සමත් විය. විටක නළුවෙකි ,විටෙක දේශකයෙකි, විටෙක දර්ශනවාදියෙකි, විටෙක ආයතන ප්‍රධානියෙකි , විටෙක සංචාරකයකි, තවත් විටෙක පූරකයෙකි, ඊට අමතරව සරල සාමාන්‍ය පුද්ගලයෙකි.
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ගිරය ටෙලි නාට්‍යයේ ඔහු රඟපෑ චරිතය අදටත් මතක හිටින මට්ටමේ චරිතයකි වලව්වක තරුණයකු ලෙස දුප්පත් තරුණියක් විවාහ කර ගැනීම සහ මව සහ බිරිඳ අතරට මැදි වූ තරුණයකු ලෙස ඉතා හොඳ රංගනයක් ඔහු ඉදිරිපත් කලේය.
කඩුල්ල ටෙලිනාට්‍යයේ අවසන් කොටස්වල ඔහුරඟපෑවේය.
මෑත කාලීනව ඔහු වඩාත්ම ජනප්‍රිය වූයේ කූඹියෝ ටෙලි නාට්‍යයෙන් මල්දෙනිය මහතාගේ චරිතයයි.එය ප්‍රේක්ෂකයන්ට අමතක නොවන මට්ටමේ රංගනයකි.
සිනමා නිර්මාණ කීපයකට ද ඔහු සිය දායකත්වය ලබා දුන්නේය.
ඉර මැදියම චිත්‍රපටයේ අතුරුදහන් වූ සැමියා සොයා යන තරුණිය සමඟ ගවේෂණාත්මක චරිතයකට ඔහු දායකත්වය ලබා දුන්නේය.
එය ඉතා විශිෂ්ඨ ගණයේ රඟපෑමකි .
ලොකු දුව චිත්‍රපටයේද සිය රංගනය ප්‍රකට කළේය.
සිනමාවේ පුංචි තිරයේ දිගු ගමනක් යාමට ඔහුට අවශ්‍ය නොවීය රඟපෑමට වඩා යම් යම් දේවල් තුළින් සමාජයටයමක් ඉදිරිපත් කිරීමට ඔහු සිතුවා විය හැකිය.
ඔහුට ඇති බටහිර පෙනුම බොහෝ චරිත වලට මැනවින් ගැලපුන අතර ඔහුගේ භාෂාව හැසිරවීම ද ඉංග්‍රීසි හුරුවට සමාන නිසා ඉහළ පැලැන්තියේ චරිත නිරූපණයන්ට ඔහු මනා සේ ගැලපුනේය.
මොන දේ කළත් ඔහු තුළ සිටින දක්ෂ රංගන ශිල්පියාට අපි තවමත් ආදරෙයි.
නැවුම් නවමු චරිතයකින් යළිත් අපව පිනවන්නට ඔහුට හැකියාව ලැබේවා.
ඔබට ජය හා සතුට.