'සමාජ ජාල' යැයි නම් කළද බොහෝ දෙනෙකුගේ පෞද්ගලික තොරතුරු පවා ඇතුළත් වන්නේ සමාජ ජාල ගිණුම් තුළය.
මේ හේතුවෙන් විවිධ ආකාරයේ තොරතුරු සොරාගැනීමට එනම්, හැක් කිරීමට ලක් වූ සාමාන්‍ය මිනිසුන් මෙන්ම ජනප්‍රිය පුද්ගලයින්ද ලෝකයේ බොහෝ තැන්වල දැකගත හැකිය.
ජනප්‍රිය ගායක නදීර නෝනිස්ගේ ෆේස්බුක් ගිණුමද පසුගියදා හැක් මේ සිද්ධියකට මුහුණ දුන් බව ඔහු සිය සමාජ ජාල ගිණුමක් වන ෆේස්බුක් හරහා ප්‍රකාශ කර තිබේ.
ඒ හැක් කිරීමට ලක් විය හැකි තමන් වෙත ආ දැනුම්දීමක් පෙන්වා දෙමිනි.
නදීර මෙහිදී පෙන්වා දී ඇත්තේ හැකර්වරුන් කෙසේ තවත් අයකුගේ ගිණුමක් හැක් කිරීමට උපාය යොදන්නේද යන්නයි.