ග්‍රැමී සම්මාන 2024දී ඉන්දීය බටනලා වාදක රාකේශ් චෞරසියා සිය රට වෙනුවෙන් රාකේෂ් සම්මාන දෙකක් දිනාගත්තේය.
සෑම ඉන්දියානුවකුටම මෙම මොහොත ආඩම්බරනීය හැඟීමක් උදා කර දී ඇති බවත් ඔහුගේ ලෝලීන් සතුටින් පිනා ගොස් තිබෙන බවත් ඉන්දීය පුවත් වාර්තා කරයි.
සාකීර් හුසේන්, ශංකර් මහදේවන් සහ රාකේශ් චෞරසියා ඒ අනුව ග්‍රැමී සම්මාන දිනමින් ඉන්දියාවට කීර්තිය ගෙනා සංගීතඥයන් බවට පත් වී තිබේ.
හොඳම සමකාලීන සංගීත භාණ්ඩ වාදනය සහ හොඳම ගෝලීය සංගීත ඉදිරිපත් කිරීම යන අංශ නියෝජනය කරමින් රාකේශ් මෙම සම්මාන දිනාගත්තේය.
As We Speak සිය ගීත ඇල්බමය කාණ්ඩ තුනක් සඳහා නියෝජනය කළ අතර මෙම කීර්තිය පසුගිය 2022 වර්ෂයේ ග්‍රැමී සම්මාන ජයග්‍රහණය තරම්ම වටිනා එකක් බවට පත්ව තිබේ.
රාකේශ් චෞරසියා යනු ජනප්‍රිය ඉන්දීය සම්භාව්‍ය බටනලා වාදක හරිප්‍රසාද් චෞරසියාගේ ඥාති පුතණුවන් වන්නේය.
සිය බටනලා වාදනය කෙරෙන් ලෝකය පිනවනු ලැබීම සම්බන්ධයෙන් මුල සිටම චෞරසියා ජනප්‍රිය වී සිටි අතර බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජිනගේ රිදී ජුබිලිය සඳහා පැවති බීබීසීයේ වැඩසටහනක් සඳහා පැය 24ක කාලයක් වාදනය කළ වාදකයෙකි.
සම්මානිත As We Speak පෙර, Call of Krishna, Call of Krishna 2, Dor, Call of Shiva, Call of Devine යන ඇල්බමද මීට පෙර ජාත්‍යන්තර වශයෙන් ඇගයීමට ලක් වූ ඒවා වේ.