ධනුෂ්ක රත්නායකගේ 'මන්දාරම් කතාව' ටෙලි නාට්‍ය තුළ දකින ශාමිකා පෙරේරා කලා ක්ෂේත්රයට නවකයෙකි. දැනට කලා නිර්මාණ රැසකට දායක වී ඇති ඇය ඉදිරියේදී තවත් ටෙලි නිර්මාණ කිහිපයකින්ම ප්‍රේක්ෂක ඔබ හමුවට පැමිණීමට සූදානමින් සිටින්නීය.
ඔබ රංගන ශිල්පිනියක්ද එහෙමත් නැත්නම් නිරූපිකාවක්ද?
මම තවම රංගනයට ආධුනිකයි. කොටින්ම කිව්වොත් ක්ෂේත්රයට අලුත් කෙනෙක්. කලාවට එන්න කලින් මම නිරූපණ කටයුතුත් කළා. හැබැයි දැන් නිරූපිකාවට වඩා රංගන ශිල්පිනියක් විදිහට මාව අඳුන්වනවට කැමතියි. මම තවම විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතුවල නිරත වෙන කෙනෙක්. ජීවිතේ තව ඉගෙන ගන්න දේවල් ගොඩක් මට තියෙනවා.
ශාමිකාව දැන් කලා නිර්මාණ කිහිපයකින් අප දකිනවා?
මම මුලින්ම රංගනයෙන් දායක වුණේ මහේෂ් කරුණාරත්න අයියගේ 'නෙලුනි' කියන නාට්‍යයට. නමුත්, තවමත් ඒක විකාශය වුණේ නැහැ. හැබැයි නුදුරේම ඒක විකාශය වෙන්න නියමිතයි. ඒකේ මම රඟපෑවේ ටිකක් කටකාර ගැහැණු ළමයෙක්ගේ චරිතයක්. ඒ වගේම මේ දිනවල විකාශය වෙන ධනුෂ්ක අයියාගේ 'මන්දාරම් කතාවේ' නාට්‍යයටත් දායක වුණා. ඊට අමතරව ඇට්ලස් ඇතුළු වෙළෙඳ දැන්වීම් කිහිපයකටත් මම සම්බන්ධ වෙලා වැඩ කරලා තියෙනවා. ළඟදීම මම ඉන්න අලුත් ගීත රූප රචනාවකුත් නිකුත් වෙන්න නියමිතයි.
කලා ශිල්පිනියක් වුණ එක ගැන ඔබට සතුටුද?
කලාවට ගොඩක් මම ආදරය කරන කෙනෙක්. ඉතින් ඒකට සම්බන්ධ වෙලා වැඩ කරන්න ලැබුණ එක ලොකු සතුටක් මට. ඉතින් කලාව පැත්තෙන් ලොකු ගමනක් යන්න ආසයි. මම හිතනවා ඒ ගමන මට සාර්ථකව යන්නත් පුළුවන් වෙයි කියලා.
ක්ෂේත්රය ගැන විවිධ මත තියෙනවා?
ඇත්තටම කිව්වොත් ක්ෂේත්රයට එන්න මුලින් බයක් තිබුණේ නැහැ මට. මොකද මම සමාජයක් එක්ක මිනිස්සුත් එක්ක වැඩ කරන්න කැමති කෙනෙක්. අපි මේ ක්ෂේත්රය ඉන්න පිරිස සමග හොඳින් වැඩ කරන්න නම් අපි අනිත් අයට නම්‍යශිලී වෙලා අපිට පැවැරුණු දේ හරියට කරන්න උත්සාහ කරන්න ඕනේ. ඇත්තටම කවුරුත් අපිට බලෙන් කරදර කරන්න එන්නේ නැහැ. ඒ වගේම ලිංගික දේවල්වලට කතා කරන්නෙත් නැහැ. අපේ පැත්තෙන් එන ප්‍රතිචාර මත තමයි එක තිරණය වෙන්නේ. අපි දැනගන්න ඕනේ එහෙම දෙයක් ආවොත් ඒක ප්‍රතික්ෂේප කරලා ප්‍රශ්න ඇති කරගන්නේ නැතුව ඉන්න.
ඉදිරි වැඩ කටයුතු කොහොම වෙයිද?
ඉදිරියේ වැඩ කටයුතු ගැන කිව්වොත් මම නාගානන්ද ජාත්‍යන්තර බුද්ධ විශ්වවිද්‍යාල දෙවන වසර ශිෂ්‍යාවක්. එහි මම කලා උපාධියක් හදාරමින් සිටිනවා. අධ්‍යාපන කටයුතුත් සමග ක්ෂේත්රයේ හොඳ දේකට සම්බන්ධ වෙනවා. එය තීරණය වෙන්නේ කාලයත් සමග තමයි.
සංවාදය : බුද්ධික සේනාධීර