ශ්‍රී ලංකාවේ දිනපතා මෙන්ම සති අන්ත පුවත්පත් කාටුන් ශිල්පියෙකු වන තලංගම ජයසිංහ මහතා ඊයේ (07) සිය දිවි සැරිය නිම කර තිබේ.
ලංකාදීප, දිනමිණ පුවත්පත් ඔස්සේ කාටුන් කලාවට අරුත්බරබවක් ලබා දෙන කාටුන් නිර්මාණයේ ප්‍රවීණයෙකු වූ ඔහු ජනප්‍රිය පලාමල්ල, Aතුමා, අනේද කියන්නේ, යනාදී කාටුන් ඇතුළත් සිව්පද කවිය ඔස්සේ බෙහෙවින් ජනතා හදවත් දිනූ කාටුන් ශිල්පියෙකු වන්නේය.
බොහෝ පුවත්පත් කාටුන් නාමිකව මෙන්ම නමක් භාවිතයෙන් තොරවද නිර්මාණය කිරීමට කටයුතු කළ දුර්ලභ කාටුන් ශිල්පියෙකු වූ තලංගම ජයසිංහයන් මිය යන විට 88 වැනි වියේ පසු විය. ඔහු තමන් චිත්‍ර කතා කලාවටද බෙහෙවින් ඇල්මක් දැක්වූ තැනැත්තෙකු වන්නේය. ඔහුගේ සමකාලීන මිතුරන් ඔහු හඳුන්වන්නේ 'තලං' නමිනි.
රටට බරක් වූ දේශපාලකයන්ට එරෙහිව පෑන, තෙලිතුඩ හැසිරවූ ජනමාධ්‍යවේදියෙකු හැටියට ලංකාදීපයේ මාධ්‍යවේදී ආරියරත්න රණබාහු මහතා තලංගම ජයසිංහයන් හඳුන්වා දී තිබිණි.
සදා නොමියෙන නාමයක්, පුවත්පත් කාටුන් කලාවේ වැදගත් බොහෝ සැමරුම් සහිතව අප අතරින් සමුගත් තලංගම ජයසිංහයන් වෙනුවෙන් 'මිරර් ආට්ස්' අපගේ බලවත් ශෝකය පළ කරමු.