අරුණ ජයවර්ධන නවතම සිනමා නිර්මාණය ලෙස පසුගිය පෙබරවාරි 09 වැනිදා සිට තිරගතවීම ඇරඹි "1970 ලව් ස්ටෝරි" චිත්‍රපටය මේ වන විට ඉතාමත් සාර්ථක ලෙස දිවයින පුරා සිනමා ශාලාවන් 51කදී තිරගත වේ.
අරුණ ජයවර්ධන
ආදරයට බැඳි සියලු බාධක ජයගනිමින් ත්‍රාසය හා කුතුහලය මැද සිත් බැඳි පෙම ජයගන්නා අයුරු හදවතට දැනෙන ලෙස ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත් කිරීමට අධ්යක්ෂවරයා සමත්ව ඇති මෙය සංගීතමය ආදර කතාවකි.
වර්තමාණයේ සිටින ප්‍රවීණ ජනප්‍රිය හා චරිතාංග නළු නිළියන් රැසකගේ දායකත්වයෙන් ඔපවත්ව ඇති මෙහි හේමාල් රණසිංහ, ගම්‍යා විජේදාස , බිමල් ජයකොඩි, සඳනි ප්‍රනාන්දු, අශාන් ඩයස්, මහේන්ද්‍ර පෙරේරා, දිනෙත් ද සිල්වා, සරත් කොතලාවල ඇතුළු ප්‍රවීණයන් රැසකගේ රංගනයෙන් හැඩව ඇත. මෙහි සුමියුරු ගීත ත්‍රිත්වයක් ඇතුළත්ව ඇති අතර ගායනයෙන් සමිතා මුදුන්කොටුව, ඉන්දික රුවන් (රූනි), සුරේන්ද්‍ර පෙරේරා, සූර්යා දයාරුවන් එක්ව ඇත. ගී පද රචනයෙන් ශෙහාන් ගලහිටියාව, දුමින්ද අලහේන්ද්‍ර සහ පූජ්‍ය කුට්ටිකුලමේ පේමාලංකාර හිමි දායකව ඇති මෙහි සංගීත අධ්‍යක්ෂණය චින්තක ජයකොඩිගෙනි.
කැමරා අධ්‍යක්ෂණයෙන් චන්න දේශප්‍රිය, සංස්කරණයෙන් තිස්ස සුරේන්ද, සහය අධ්‍යක්ෂණයෙන් දමින්ද ඩී මඩවල එක්ව ඇති 1970 ලව් ස්ටෝරි ස්ටාර් එන්ටර්ටේන්මන්ට් සහ ඉවෙන්ට් පුද්ගලික සමාගම වෙනුවෙන් ආචාර්ය සමන් එදිරිසිංහ නිෂ්පාදනය කර ඇත.
ඇන්ටන් ජේ. ප්‍රනාන්දු