lan englan tam

පුවත්

දැවැන්ත චීන කවි සාහිත්‍යයට අවධානයක් අවශ්‍යයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

"චීන කවිය දැවැන්ත සාහිත්‍යයක්. එනමුත් ඉන්දීය, ජපන්, රුසියානු සහ වෙනත් යුරෝපීය කාව්‍ය මෙන් චීන කවිය ගැන අපේ රටේදී පුළුල් සහ ගැඹුරු අධ්‍යයනයක් තවමත් සිදුව නැහැ. එම සාහිත්‍යමය පරතරය පිරවීමේ අරමුණින් සබුද්ධි සංවිධානය මෙම චීන - ශ්‍රී ලංකා කාව්‍ය සමුළුව ආරම්භ කළා. එය චීන කවිය සංවිධානාත්මක ලෙසින් අධ්‍යයනය කිරීමේ ප්‍රථම ආරම්භයයි. අප ඉදිරියේදී මෙම සමුළුව පාදක කරගනිමින් චීන කවියේ හැඩරුව හඳුනා ගැනීමට ශාස්ත්‍රීය ලෙස කටයුතු කරනවා." 'සබුද්ධි චීන - ශ්‍රී ලංකා කාව්‍ය සමුළුව' ආරම්භක අවස්ථාවට සහභාගි වෙමින් 'සබුද්ධි' සාහිත්‍ය සංවිධානයේ සභාපති තමීර මංජු පැවසීය.
මාර්තු

31 වැනිදා කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී චීන - ශ්‍රී ලංකා කාව්‍ය සමුළුව 2024 ආරම්භ කෙරිණි.
මෙම කාව්‍ය සමුළුවට සංවිධාන ශක්තියෙන් ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගම සහ ශ්‍රී ලංකාවේ චීන බෞද්ධ සංගමය එක් වී තිබූ අතර සමුළුව ආරම්භය නිල වශයෙන් නිවේදනය කරමින් සබුද්ධි සභාපති තමීර මංජු මහතා පැවසුවේ චීන - ශ්‍රී ලංකා කවියේ අන්තර් සංස්කෘතික සබඳතා ගවේෂණය කිරීම සහ හඳුනා ගැනීම මෙම සමුළුවේ මූලික අරමුණ වන බවයි. 
2024 සබුද්ධි චීන ශ්‍රී  ලංකා කාව්‍ය සමුළුවේ තේමාව වූයේ 'සිංහල කවියේ චීන සලකුණු' යන්නයි. 

kemadasa

shungara

Back to top
Go to bottom