ඊයේ (05) දිවුලගේ ෆිල්ම් එක බැලුවා.
ඒක ඇත්තටම අපිවගේ මිනිස්සුන්ට ෆිල්ම් කරන්න පොඩි පිස්සුවක් හදන වර්ගයේ ෆිල්ම් එකක්.
දවස් හතරක් එකම ලොකේෂන් එකක ෂූට් කරපු මේ ෆිල්ම් එකේ කැමරා වර්ක් එකට තමයි මුලින්ම හිත බැඳෙන්නේ.
ඇත්තටම ඒක පිස්සු හැදෙන රූප පොකුරක් එකතු කරපු සිනමාවක්.
ඊළඟට හඬපටය. ඒක මරු. රූපය සහ ශබ්දය අපිව අල්ලගෙන අසුනේ රඳවාගෙන ඉන්න සමත්. අවුරුදු 19ක නිහැඬියාවකට පස්සේ Sඋඩත් Mඅහාඩිවුල්වෙව මේ කරපු ෆිල්ම් එක කර්මාන්තයක් නැති රටක ෆිල්ම් කරන්න හීන දකින එවුන්ට හොඳ උත්තේජනයක් සපයාවි කියලා හිතෙනවා.
ඊළඟට තරින්දිගේ රංගනය ඒකට මම කැමතියි. ඒ ඇස්දෙක අල්ලගන්න රූප අපිව පිස්සු වට්ටනවා.
ඇය සිනමාව අස්සේ තවතවත් දකින්න ලැබෙන්න ඕනී.. ෆිල්ම් එක බලලා ඇවිත් සිහිනයෙන් හමුවෙන්න හිතෙන සිනමාරූපයක් ඇයට තියෙන්නේ.
ඒත් දිවුලට කියන්න ඕනී මම මේ කතාවටනම් එච්චර කැමති නෑ.. මගේ ආසාව බහුතරයේ ආසාව නොවෙන හින්දා මේ ෆිල්ම් එක හැවෝම ආසාවෙන් බලයි කියලා හිතෙනවා.
අනික මේ වෙලාවෙ ලංකාවේ තියෙන සාමූහික හැඟීම අපි කියවාගන්නා විදිහ නිවැරදි නම් මේ ෆිල්ම් එක දුවන්න ඕනී. ඒනිසා මම හිතනවා එක මිටට එකතුවෙමින් ඉන්න අපේ සහෝදර ජන රැල්ල මේ ෆිල්ම් එක බලයි කියලා...
ඉතිං අවසානයට කියන්න තියෙන්නේ අවුරුදු 19කට පස්සේ දිවුලා මේ කරපු පිස්සු හැදෙන ෆිල්ම් එක බලන්න කියලා..!
කේ. සංජීව