lan englan tam

පුවත්

හිටපු සරසවිය කර්තෘ ඒ.ඩී. රංජිත් සමු ගනී - දේහය කොතලාවල වෛද්‍ය පීඨයට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'සරසවිය' සිනමා පුවත්පතේ හිටපු කර්තෘ සහ විශිෂ්ට ලේඛකයෙකු වන ඒ.ඩී. රංජිත් මහතා අභාවප්‍රාප්ත වූ බව සංවේගයෙන් දැනුම් දෙමු.
විශිෂ්ටතම සිනමා ලේඛකයකු, සිනමා ග්‍රන්ථ රචකයකු සහ ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදියෙකු වූ ඒ.ඩී. රංජිත් කුමාර මහතා වත්මන් 'සරසවිය' කර්තෘ නුවන් නයනජිත් කුමාරගේ ආදර පියාණන් වේ. ඔහුගේ බිරිඳ ප්‍රවීණ ගායිකා දමයන්ති ජයසූරිය වේ.
ඔහුගේ දේහය කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට භාර දීමට නියමිත අතර දේහය හෙට (11) උදෑසන 08ට ගල්කිස්ස මහින්ද මල් ශාලාවට අවසන් ගෞරව සඳහා ගෙන ඒමට නියමිතය. උදෑසන 10ට දේහය කොතලාවල වෛද්‍ය පීඨයට දේහය බාර දීමට නියමිතය.
මිරර් ආර්ට්ස්හි බලවත් සංවේගය ප්‍රකාශ කරන්නෙමු !

kemadasa

shungara

Back to top
Go to bottom